තායිපේ නගර කුසලාන බොක්සිං තරගාවලියට තරුණ ක්‍රීඩකයින් හයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ 
අගෝස්තු 23, LNW කොළඹ:
 චීන සංස්කෘතිය, ජපන් සංස්කෘතිය, අග්නිදිග ආසියානු සංස්කෘතිය සහ ඇමරිකානු සංස්කෘතිය ඒකාබද්ධ කරන අද්විතීය නගරයක් වන තායිවානයේ තායිපේ නගරයේ පැවත්වෙන තායිපේ නගර කුසලාන බොක්සිං තරගාවලිය නියෝජනයට ශ්‍රී ලංකාවෙන් යොවුන් බොක්සිං ක්‍රීඩකයින් හය දෙනෙක් යොමු කරන්නට ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනය කටයුතු කර ඇත. පිරිමි සහ කාන්තා යන තරග අංශ දෙකෙන්ම තරග පැවත්වෙන මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවෙන් සහභාගි වන්නේ ක්‍රීඩකයින් පමණි.අගෝස්තු 22 දා ආරම්භ වූ තරගාවලිය අගෝස්තු 26 වන දා නිමාවට පත් වෙනු ඇත.

තරගාවලියට විද්‍යාර්ථ විද්‍යාලයෙන් බොක්සිං ක්‍රීඩකයින් දෙදෙනෙක් සුදුසුකම් ලබා ඇත.ඒ පිළිවෙලින් කිලෝ ග්‍රෑම් 54 පංතියෙන් සහ 67 පංතියෙන් තරග බිමට පිවිසෙන එච්පීඩී හෙන්නායක සහ ඒකේඩීඑච් විජේසිංහ ය.පැල්මඩුල්ල ගන්කන්ද විද්‍යාලයෙන් තරගාවලියට සුදුසුකම් ලබා සිටින ඩීඑම්ආර්ජේ ධර්මතිලක තරග කරන්නේ කිලෝ ග්‍රෑම් 48 බර පංතියෙන්ය.කොළඹ සහිරා විද්‍යාලයේ ටී අෂිල් කිලෝ ග්‍රෑම් 60 බර පංතියෙන් තරග බිමට පිවිසෙයි.කොළඹ රාජකීය විද්‍යාලයෙන් තරග බිමට පිවිසෙන ටීබී මීගල්ල තර කරන්නේ කිලෝ ග්‍රෑම් 57 බර කාණ්ඩයෙන්ය.තරගාවලියේ පවතින වැඩිම බර පංතියෙන් තරග බිමට පිවිසෙන වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ එම්පීඑම් නිම්සර මේ තරගාවලියේ ඉහළම බර පංතියෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග බිමට පිවිසෙන තරගකරුය.

තරගාවලියට අබ්දුල්ලා ඉබිනු සහ අමුණුගම එකතු වන්නේ පුහුණුකරුවන් ලෙස ය.නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම් කණ්ඩායම් කළමණාකරු ලෙස තරගාවලියට එක් වී සිටින අතර පාසල් කළමණාකරු ලෙස පීකේ ඉන්ද්‍රසේන සහභාගි වේ. පාසල් කණ්ඩායම සමඟ ශ්‍යාමා ගුණරත්න ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටින එකම කාන්තාව ලෙස මේ තරගාවලියට එක්වීමේ භාග්‍යය ලැබ ඇත. විනිසුරු නිලධාරීන් කණ්ඩායමක් ද මෙම තරගාවලියට නිල වශයෙන් සහභාගි වීම සහතික කර ඇත.තරු දෙකේ විනිසුරුවරයෙක් සහ තීරකවරයෙක් වන කපිල සුගතදාස සහ තරු එකේ පුහුණුකරුවෙක් වන බන්දුල ගමගේ එම විනුසුරුවෝය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?