නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් ගිනිකන්ද සක්‍රිය වීමත් සමඟ ගුවන් ගමන් රැසක් නැවතී

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් ගිනිකන්ද සක්‍රිය වීමත් සමඟ ගුවන් ගමන් 10ක් අවලංගු කර ඇති බව නවසීලන්තයේ ජාතික ගුවන් සේවය එයාර් නිව්සීලන්ඩ් ප්‍රකාශ කර තිබේ.

ගිනිකන්දෙන් නිකුත් වන ගිනිකඳු අළු ගුවන් මාර්ග හරහා ගසා ගෙන ගොස් ඇති අතර ගිනිකඳු දූපත නවසීලන්තයේ උතුරු දූපතෙන් කිලෝමීටර 50 ක් පමණ දුරින් සහ රටේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් සිට කිලෝමීටර් 200 ක් පමණ දුරින් පිහිටා ඇත.

විද්‍යාඥයන්ප්‍රකශ කර තිබුණේ, නවසීලන්තයේ ප්‍රධාන දූපත් වල සිටින සමහර පුද්ගලයන්ට ගිනිකඳු වායු විෂ විය හැකි බවත්, එය ඔවුන්ගේ ඇස්වලට හෝ උගුරට බලපෑම් එල්ලවිය හැකි නමුත්, එහි බලපෑම සුළු විය හැකි බවයි.

නවසීලන්තය මේ මස මුලදී එහි ගිනිකඳු අනතුරු ඇඟවීමේ මට්ටම ඉහල නංවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...

රනිල්ගෙන් විපක්ෂ නායකට ඇමතුමක් ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද හැන්දෑවෙ තමන්ගෙ හිතවතෙක්...