එජාපය දෙකඩ වීම වළක්වන්න මම අවසන් මොහොත දක්වාම උත්සහ කළ කෙනෙක් – රාජිත

කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂය දෙකඩ නොවී එක්සත්ව තබා ගැනීමට එදා තමන් අවසන් මොහොත දක්වාම මහන්සි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

එය රනිල් වික්‍රමසිංහ මහතාගේ සිට සියලු දෙනා දන්නා බවයි සේනාරත්න මහතා සඳහන් කරන්නේ.

”එක්සත් ජාතික පක්ෂය කඩන්නේ නැතුව එක්සත්ව තියා ගන්න මම අවසාන මොහොත වෙනකම් මහන්සි වුණා. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයත් දන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයත් දන්නවා විපක්ෂයේ අපිත් එක්ක හිටපු සන්ධානයේ සියලුම මන්ත්‍රීවරු දන්නවා. මම ඒකට විසදුම් ගෙනල්ලා ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහගෙනුත් ඇති වුණ අඩුපාඩුත් මත තමයි අපි තීන්දු කරගත්තේ මමත් මේ පක්ෂයෙන් ඉවත් වෙලා එනවා කියල. නමුත් මම අවසාන මොහොත වෙනකම් කිව්වා එක්සත් ජාතික පක්ෂය කඩන්න එපා කියල. පහුගිය මැතිවරණයේදී එදා අපි ඔක්කොම එක්කහු වෙලා ඉල්ලුවා නම් අපට ආසන 70-80 අතර ලබාගෙන ප්‍රබල විපක්ෂයක් බවට පත්වෙන්න තිබ්බා. නමුත් ඒක කඩාකප්පල් වුණා. අවසානයේදී මම රනිල් වික්‍රමසිංහ මහත්මයට කියලම එළියට බැහැල ආවා.” යනුවෙන් රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

මේ අතර ඊයේ (21) දිනයේදීද තලතා අතුකෝරල මහත්මියද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රී ධූරයෙන් මෙන්ම සමඟි ජන බලවේගයේ සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස් වුණේ මෙම දෙකඩ වීමට විරෝධය පළකරමින්.

මේ තීරණාත්මක මොහොතේ හෝ එක් වීමට රනිල් වික්‍රමසිංහ මහතා දිගින් දිගටම ආරාධනා කර තිබියදීත් සජිත් ප්‍රේමදාස මහතා විසින් එය ප්‍රතික්ෂේප කිරීම ගැනද ඇය සිය කනස්සල්ල පළකළාය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...