*
Friday, October 4, 2024
spot_img

Latest Posts

පළාත් පාලන ඡන්දය කල්දැමීම ගැන කිසිදු කණගාටුවක් නැහැ – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ජනපති කියයි

සටහන – රුවන් නෙළුගොල්ල

පළාත් පාලන මැතිවරණය කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නද, ජනතාවගේ ජිවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එම කාලය කැප කිරීම නිසා එම මැතිවරණ පැවැත්වීමට නොහැකි වීම පිළිබඳ තමා කණගාටු නොවන බවත්, ජනතාවගේ ඡන්ද අයිතියට මෙන්ම ජීවත්වීමේ අයිතියටද තමා ගරු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමේ වැඩපිළිවෙළේදී සෑම පැයකටම වටිනාකමක් හිමි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් එම කාලය වැය කළා නම් අද රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට නොහැකි වන බවද සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (22) පස්වරුවේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පැවති නව ජනතා පෙරමුණ පක්ෂයේ ජාතික සම්මේලනය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

“දේශපාලන වශයෙන් අප මේ වන විට නව යුගයකට පැමිණ තිබෙනවා. එම යුගය අප කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද්දක් බව කිවයුතුයි. මේ රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේදි එම ආර්ථිකය ගොඩගැනීමට සාම්ප්‍රදායික නායකයින් ඉදිරිපත් නොවු අවස්ථාවක අප කණඩායම එකතුවී එම වගකීම භාරගත්තා.

එදා අපේ ආර්ථික කඩා වැටී තිබුණා. රුපියලේ අගය පහත වැටී තිබුණා. නමුත් අප ආර්ථිකය නැවත සකස් කර රුපියල ශක්තිමත් කර රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර තිබෙනවා. පසුගිය වසර දෙක තුළ රටේ ආර්ථිකය ශක්තිමත් වුණා වගේම ඉදිරි වසරේදී එය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. මෙම ආර්ථික වර්ධනය ඉලක්ක කරගෙන අප ඉදිරියට යා යුතුයි.

එහිදි අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන එකඟතාවන් කඩකළහොත් අපට මුදල් ලැබෙන්නේ නැහැ. එම කොන්දේසි සංශෝධනය කරනවා කියන්නේ දැන් තිබෙන කොන්දේසිවලින් ඉවත්වීමයි. අප මීට වඩා ලිහිල් කොන්දේසි ඉල්ලා සිටියා. නමුත් ඒවා හිමිවුණේ නැහැ. නමුත් මෙම සහන මඟින් අපට ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ හැකියාව තිබෙනවා. නමුත් මේවා වෙනස් කිරීමට උත්සාහය කළහොත් ලැබීමට තිබෙන මුදල් අහිමි වෙනවා. එවිට අපට නැවත පෝළිම් යුගයකට යාමට සිදු වෙනවා.

අපි රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආවේ ඉතා අසීරුවෙන් බව කිවයුතුයි. මම රට භාර ගනිද්දි රටේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 89 සිට ඩොලර් බිලියන 76 කට පහතට වැටී තිබුණා. අපි නැවත මෙය ඩොලර් බිලියන 84කට ගෙනැවිත් තිබෙනවා. මෙම වැඩකොටස අපි ඉටු කළේ වසර දෙකක් වැනි කොටි කාලයකදීයි. වෙනත් රටවලට මේ සඳහා වසර 05-10ක් ගත වුණා. අපට මෙවන් සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකි වුයේ අප නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් ගෙන ගිය නිසයි. අපි මෙම වැඩකොටස ඉටු නොකළානම්, මේ සියල්ල අතපසු කර ප්‍රාදේශීය සභා, නගර සභා මැතිවරණ පැවැත්වුවානම් සිදුවන්නේ කුමක්ද කියා මම අහන්න කැමතියි. පළාත් පාලන මැතිවරණය පැවැත්විම සඳහා අඩුම තරමින් මාස දෙක හමාරකවත් කාලයක් ගත කිරීමට සිදු වෙනවා. එම මාස දෙක හමාර අහිමි වූවානම් අද අපට ඩොලර් බිලියන 84ක දළ දේශීය නිෂ්පාදනයක් ලබාගත හැකිද කියා මම අහන්න කැමතියි.

අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළා, ලෝකයේ විවිධ රටවලට ගොස් නායකයන් මුණ ගැසී සාකච්ඡා කළා. මෙම කාලය පළාත් පාලන මැතිවරණය සඳහා යෙදවුවානම් මේ රටේ ආර්ථිකය ගෙඩ ගැනීමට හැකි වනවාද කියා ඇසිය යුතුයි. අපට රට මෙම තත්ත්වයට ගෙන ඒමේදී හැම මාසයම, හැම සතියම, හැම දිනයක්ම හා හැම පැයක්ම වැදගත් වුණා. ලෝකයේ කිසිම රටක් වසර දෙකකින් මෙවන් සාර්ථකත්වයකට පැමිණ නැහැ. ජාත්‍යන්තරය අපට ප්‍රශංසා කරනවා. අප මෙම පියර නොගත්තානම් මේ රට කඩා වැටෙනවා.

නමුත් විපක්ෂය කළේ ගිහින් නඩු දාන එක. ආර්ථිකය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න කියලා 2022 ඔවුන්ට ශ්‍රෙෂ්ඨාධිකරණයට ගිහින් නඩු දාන්න බැරි වුනේ ඇයි. ඒ නිසා මෙම මැතවරණය කල් දැමීම පිළිබඳ මගේ කිසිම කණගාටුවක් නැහැ. මේ රටේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමිය නොහැකියි. එය ජනතාවගේ අයිතිවාසිකමක්. ඒ ඡන්ද අයිතියට මම ගරු කරනවා. ඒ වගේම ජනතාවගේ ජීවත්වීමේ අයිතියට මම ගරු කරනවා. ගෑස් නැත්නම්, ඖෂධ, ඉන්ධන නැත්නම් ජනතාවට ජීවත් වෙන්න බැහැ. එම මුලික අයිතිවාසිකම් මම ආරක්ෂා කළා. නැවත අවශ්‍ය නම් මම ඒ වැඩකටයුතු ඉටු කරනවා.

මෙම මැතිවරණය පැවැත්විය යුතු කාලය කුමක්ද කියා මැතිවරණ කොමිසම තීරණය කළ යුතු බව අද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා. ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු මහ මැතිවරණය පැවැත්වීමට අප සියලුදෙනා තීරණය කර තිබෙනවා. ඒ සඳහා මේ වන විට මුදල් සොයාගෙන තිබෙනවා. ඉන් පසුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට අදහස් කර තිබෙනවා. පළාත් සභා මැතිවරණය අවශ්‍ය බව බොහෝ දෙන පවසන අතර අප ඒ සමඟ එකඟ වෙනවා. ඒ සඳහාද අවශ්‍ය මුදල් අප මේවන විට සොයා ගනිමින් සිටිනවා.ප්‍රාදේශීය සභා සහ නගර සභා මැතිවරණ ඉන් පසුව පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. එහිදී අපට නව නීති ගෙන ඒමට සිදු වෙනවා. තරුණ නියෝජනය ගෙන ඒමට සිදු වෙනවා. අපට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මේ රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට හැකිවීම පිළිබඳ මම සතුටු වෙනවා. ඒ නිසා අප ගත් තීන්දුව හරිද, වැරදිද කියා ජනතාව තීරණය කළ යුතුයි”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan