නාමල්ගෙන් PAFFREL සංවිධානය වෙත ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ (LNW):

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව විවාදයක් පැවැත්වීමට PAFFREL සංවිධානය විසින් කර ඇති විවෘත ආරාධනය පිළිගන්නා බව නාමල් රාජපක්ෂ මහතා එම සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වෙත ලිඛිතව දන්වා ඇත.

ඒ පහත අයුරිනි.

රෝහණ හෙට්ටිආරච්චි මහතා අධ්‍යක්ෂ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනනා ක්‍රියාකාරීත්වය (PAFFREL)

හිතවත් රෝහණ මහත්මයාණෙනි,

යෝජිත විවාදය සඳහා ආරාධනය පිළිගැනීම

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව විවාදයක් පැවැත්වීමට ඔබ සංවිධානය විසින් කර ඇති විවෘත ආරාධනය පිළිගන්නා බව මෙයින් දන්වමි.

දියුණු ප්‍රජාතාන්ත්‍රික සමාජයක තිබිය යුතු මෙවැනි විවාදයක් පැවැත්වීමට ඔබ ගන්නා

ප්‍රගතිශීලී උත්සාහය අගය කරමි. අපේක්ෂකයන් සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති

සංසන්දනාත්මකව විමසා බැලීමේ හැකියාව එමගින් ජනරජයේ ජනතාවට හිමි වනු ඇත.

තාර්කික සහ මත පදනම් වූ හරබර විවාදයක් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

විවාදය පැවැත්වෙන වේලාව, දිනය, ස්ථානය සහ ආකෘතිය මාගේ කාර්ය මණ්ඩලය වෙත හැකි ඉක්මනින් දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමි.

ඔබ වෙනුවෙන් – ඔබේ විශ්වාසී,

නාමල් රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...