රටේ මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්න දෙක ?

මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු තමන්ට අනුව රට මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න දෙක ලෙස හඳුනා ගන්නා කරුණු දෙක කුමක්ද? පහත තිබෙන්නේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ මත ශ්‍රී ලංකා විමසුම් සමීක්ෂණය අනුව, 2024 අප්‍රේල්-ජූලි අතර කාලයේදී රටේ ජනතාව ප්‍රතිචාර දක්වා ඇති ආකාරයයි.

ආර්ථිකය/ ආර්ථික අර්බුදය – 59%

ජීවන වියදම/ උද්ධමනය – 55%

රැකියාව/ විරැකියාව – 38%

ඉහළ බදු – 21%

අල්ලස්/ දූෂණ – 6%

සෞඛ්‍ය/ සෞඛ්‍ය සේවා – 6%

මත් ද්‍රව්‍ය/ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම – 5%

අධ්‍යාපනය – 4%

එක් එක් තනි පුද්ගලයින්ට “මහ පොළොවේ තත්ත්වය” විවිධ ආකාරයෙන් පේනවා. එය තීරණය වෙන්නේ තමන් නිතර ඇසුරු කරන්නේ මොන වගේ අයද කියන එක මතයි. ගොඩක් අය වැඩිපුර ඇසුරු කරන්නේ තමන්ගේ අදහස් වලට කිට්ටු අදහස් තිබෙන අයවයි. විශේෂයෙන්ම විරුද්ධ මතධාරීන්ව පේන්නවත් බැරි මානසිකත්වයක ඉන්න අය ඇසුරු කරන්නේම තමන්ගේ අදහස් වලට සමීප අදහස් තිබෙන අයයි. ඒ නිසා එවැනි අයට මහ පොළොවේ තත්ත්වය සේ පෙනෙන්නේ තමන් දකින්නට කැමතිම තත්ත්වයයි.

මහ පොළොවේ තත්ත්වය හරියට දැනගන්න පුළුවන් වෙන්නේ රටේ ජනතාව නිසි ලෙස නිරූපනය වන නියැදි සමීක්ෂණයක් මගින් පමණයි. අඩුපාඩු රහිත එකක් නොවුනත්, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය එවැන්නක්.

පසුගිය (2023) වසරට සාපේක්ෂව 69% සිට 59% දක්වා අඩු වී ඇතත්, තවමත් රටේ බොහෝ දෙනෙකු විසින් ආර්ථිකය/ ආර්ථික අර්බුදය ප්‍රධානම ප්‍රශ්න ලෙස හඳුනා ගන්නවා. ඒ වගේම, උද්ධමනය පාලනය වී ඇතත්, බඩුමිල පෙර මට්ටමට අඩු වී නැති නිසා, ජීවන වියදම තව දුරටත් රටේ ප්‍රධානම ප්‍රශ්න දෙකෙන් එකක් ලෙස බොහෝ දෙනෙකු විසින් හඳුනා ගන්නවා.

වැදගත් නිරීක්ෂණයක් වන්නේ රැකියාව/ විරැකියාව ප්‍රධාන ප්‍රශ්නයක් සේ හඳුනාගන්නා පිරිස 16% සිට 38% දක්වා ඉහළ ගොස් තිබීමයි. ආර්ථිකය හැකිලීමේ බලපෑමට අමතරව රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් නැවතී තිබීමද මෙයට හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම, ජීවන වියදම ඉහළ ගොස් තිබීම නිසා විරැකියා ප්‍රශ්නයේ බර වැඩියෙන් දැනෙනවා වෙන්නත් පුළුවන්.

ඉහළ බදු ප්‍රශ්නයක් සේ දකින ප්‍රමාණය 21%ක් පමණ වෙනවා. අල්ලස්/ දූෂණ ප්‍රධාන ප්‍රශ්නයක් සේ දකින ප්‍රතිශතය 11% සිට 6% දක්වා පහත වැටී ඇති අතර මත් ද්‍රව්‍ය/ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම ප්‍රශ්නයක් සේ දකින අයගේද විශාල අඩුවීමක් දැකිය හැකියි.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...