ශ්‍රීලනිපයට අද අත්වෙලා තියෙන ඉරණමට මෛත්‍රීපාල සිරිසේන සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ – දයාසිරි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වනවිට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් එහි හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ප්‍රශ්නය – මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පේන්නවත් නෑනෙ. එතුමා කොහෙ හරි ගිහිල්ලාද ?

“මම දන්නෑ. එතුමා කියලා තිබුණානෙ දේශපාලන වශයෙන් එතුමා නිහඬයි කියලා, කාටවත් උදව් කරන්නෙ නෑ කියලා. ඒක වෙන්න ඇති මං හිතන්නෙ”

ප්‍රශ්නය – ඔබතුමාවත් දැක්කෙ නැද්ද කොහෙවත් ඉන්නවා ?

“නෑ, මටත් හම්බුණෙ නෑ”

ප්‍රශ්නය – මෙහෙම්ම නැතිවෙලා යයිද එතුමා, නැත්නම් කොයි වෙලාවක හරි නැවතත් එළියට එයිද ?

“දන්නෑ. ඉතින් එතුමාගෙන් තමයි අහන්න ඕනෙ. එතුමා ගත්තු වැරදි තීන්දු ගැන දැන්වත් එතුමා නිස්කලංකව ඉඳගෙන මෙනෙහි කළොත් හොඳයි. මේ පක්ෂයට අද අත්වෙලා තියෙන ඉරණමට එතුමා සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ. ඒ වගේම නිමල් සිරිපාල මැතිතුමා ඇතුළු පිරිසත් වගකියන්න ඕනෙ”

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...

ආර්ථික සංවර්ධනයට අලුත් මාවතක් – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයෙන් තෙයාකාර වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා...

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...