දැක්කද ඉබ්බා …?

හාවා එදා කීවදේ ඇහුවානම්
බෙලි නෙවෙයි හම්බවෙන්නේ..
තල් අත්ත උඩට
බෙලි ගෙඩියක්මයි වැටුනේ කියලා
සිංහය කොහොමද දන්නේ..

ඊටත් එයා හිටියේ
කතා වාටියේ දුරම කොනේ.

බෙලි කතාව
කියවා නොතිබුනි නම්
නිව්ටනුත් දුවනවා..
බැලුවම
ගුරුත්වාකර්ශනේ මුල්ගුරු අර හාවා
ඔය කතාවෙ කොතනකදී හරි
ඔබ දැක්කද ඉබ්බා….?

නිව්ටන්ට වඩා දුර හිතනව
ඇපල් වෙළෙන්දා .

සැප නින්දේ මැදලස්සට
මිදි ඇපල් වැටෙන්නට පුළුවන්
වනදෙව්ලියො සුරඟනන් වුණත්
සයනයට පනින්නට පුළුවන්..

හාමතේ නිදන දන හට
සැප හීන කොයින්දා
අඹ වනේ ඉසව්වෙදි
අහසින් වැටුණා ඉබ්බා.

~ ටිම්රාන් කීර්ති

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...