දැක්කද ඉබ්බා …?

Date:

හාවා එදා කීවදේ ඇහුවානම්
බෙලි නෙවෙයි හම්බවෙන්නේ..
තල් අත්ත උඩට
බෙලි ගෙඩියක්මයි වැටුනේ කියලා
සිංහය කොහොමද දන්නේ..

ඊටත් එයා හිටියේ
කතා වාටියේ දුරම කොනේ.

බෙලි කතාව
කියවා නොතිබුනි නම්
නිව්ටනුත් දුවනවා..
බැලුවම
ගුරුත්වාකර්ශනේ මුල්ගුරු අර හාවා
ඔය කතාවෙ කොතනකදී හරි
ඔබ දැක්කද ඉබ්බා….?

නිව්ටන්ට වඩා දුර හිතනව
ඇපල් වෙළෙන්දා .

සැප නින්දේ මැදලස්සට
මිදි ඇපල් වැටෙන්නට පුළුවන්
වනදෙව්ලියො සුරඟනන් වුණත්
සයනයට පනින්නට පුළුවන්..

හාමතේ නිදන දන හට
සැප හීන කොයින්දා
අඹ වනේ ඉසව්වෙදි
අහසින් වැටුණා ඉබ්බා.

~ ටිම්රාන් කීර්ති

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...