ප්‍රධාන අපේක්ෂකයින්ට කිසිම උපායමාර්ගික වැඩපිළිවෙලක් නෑ. හැම සමීක්ෂණ වාර්තාවකම එන “වෙනත්” 40% මටයි – දිලිත්

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාම කිසිදු උපායමාර්ගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති බවත් රට ගොඩනැඟීම වෙනුවෙන් උපායමාර්ගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇති එකම ජනාධිපතිවරණ අපේක්ෂකයා තමන් පමණක් බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

“දැන් ඔය ඡන්දය ඉල්ලන හැමෝගෙන්ම ජනතාව ඉල්ලා සිටියේ වෙනසක්. ඉතින් පළවෙනි හතර දෙනාගෙන් කවුද වෙනස් ? ප්‍රතිපත්තියක් හැටියට ගත්තත් පුද්ගලයෙක් හැටියට ගත්තත් ඉදිරිපත් කරපු වැඩපිළිවෙල හැටියට ගත්තත් “තරුව” විතරයි වෙනස්. වෙනස් කියන්නෙ මොකක්ද දන්නවාද ? අර හැම සමීක්ෂණයකම එන්නෙ “වෙනත්” කියලා 40%ක්. අහවලාට මෙච්චරයි අහවලාට අරච්චරයි වෙනත් සියයට 40 යි. වෙනත් සියයට 40 කියන්නේ අපිට. වෙනත් කියන්නෙ වෙනස් ! වෙනස තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නෙ උපායමාර්ගික වැඩපිළිවෙලක්, උපායමාර්ගික වැඩපිළිවෙලක් කියන්නෙ ප්‍රශ්නය පමණක් නෙවෙයි ප්‍රශ්නයට විසඳුම, විසඳුම දෙන්නෙ කොහොමද, විසඳුම නොදුන්නොත් කරන දේත් අපි ඒ අපේ උපායමාර්ගික වැඩපිළිවෙලේ දාලා තියෙනවා. ප්‍රධාන අපේක්ෂකයින් තුන් දෙනාම කිසිම උපායමාර්ගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා නෑ. මේ රටේ ණය කළමනාකරණය පිළිබඳව කිසිම විසඳුමක් ඔවුන් දීලා නෑ. මේ රටේ මිනිස්සුන්ගෙ ජීවන වියදමේ ප්‍රශ්නය පිළිබඳ කිසිම විසඳුමක් නොදී ඡන්දය ඉල්ලනවා ඔවුන්. මං හිතන්නෙ කවදාවත් ඒක හරියන්නෙත් නෑ, මං හිතන්නෑ මේ පාර මිනිස්සු මේකට අහුවෙයි කියලා”

දිලිත් ජයවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (24) කිරුළපන ප්‍රදේශයේ පැවති ප්‍රචාරක වැඩසටහනක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...