‘යුද්ධය පරා වළල්ලක්ව පුටින්ට පහර දෙමින් ඇත’ – සෙලෙන්ස්කි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(24)දිනයේදී සිය 33වන නිදහස් දිනය සමරමින් යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි සඳහන් කර තිබුණේ, රුසියාවට යුක්රේනය විනාශ කිරීමට අවශ්‍ය වූ නමුත් යුද්ධය නැවත එහි නිවසට පැමිණ ඇති බවත්, යුද්ධය පරා වළල්ලක්ව පුටින්ට පැහැර දෙමින් ඇති බවත්ය.

2022 පෙබරවාරි මාසයේ දී රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ පුර්ණ පරිමාන ආක්‍රමණයෙන් පසු යුක්රේනය විසින් පසුගියදා රුසියාවේ කර්ස්ක් ප්‍රදේශයට දියත් කරන ලද දේශසීමා ප්‍රහාරය වඩාත් වැදගත් දේශසීමා ප්‍රහාරයයි. අගෝස්තු 6 සිට යුක්රේන හමුදා වර්ග කිලෝමීටර් 1,000 (වර්ග සැතපුම් 386) කට වඩා වැඩි ගම්මාන විශාල ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇති අතර කර්ස්ක් ආක්‍රමණය මොස්කව් නගරය කැළඹී ඇත. එය නැගෙනහිර යුක්රේනයේ රුසියාවේ ඉදිරි ගමන මන්දගාමී කර තිබේ.

සෙලෙන්ස්කි මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, සතුරා අපේ දේශයට ගෙන ආ දේ දැන් ඔහුගේ නිවසට පැමිණ ඇති බවත්, අපේ දේශයේ නපුර වැපිරීමට කැමති ඕනෑම අයෙක් තම භූමියෙන් එහි පල නෙළා ගනු ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොරවල් අතර පොරේ පොර : හරියටම හරියන සුදාගේ අනාවැකි !

යූටියුබ් සුදා හෙවත් සුදත්ත තිලකසිරි ප්‍රසිද්ධියේම කියපු අනාවැකියක් ඊයේ...

කොදෙව් බලා යන්න නම් කළ ශ්‍රී ලංකා 19 න් පිළට මහනුවරින් පහයි – කොළඹින් පහයි

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: කොදෙව් දූපත් හි පැවත්වෙන තරග...

තැපැල් සේවක වැඩවර්ජනය අඛණ්ඩව 6 වැනි දිනටත්

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 19ක් මුල්කර ගනිමින් තැපැල් සේවකයින්...