මත්පැන් බෝතලයට ලොල් වී මැතිවරණ වැඩ කරන දමිළ ජනතාව දැන් නෑ – පලනි දිගම්බරම්

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ (LNW):

වතුකරයේ ජනතාව සහ ඔවුන්ගේ දරුවන් වර්තමානයේ බුද්ධිමත් පිරිසක් බැවින්, ඔවුන් මත්පැන් බෝතලයට ලොල් වී මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නොයෙදෙන බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පලනි දිගම්බරම් මහතා පවසයි.

මහජන රැලි සඳහා වතුකරයේ ජනතාව සහභාගී කරවා ගැනීමට බෝතල් කළ බාල තත්ත්වයේ රා නොමිලේ බෙදාදෙන බවට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පසුගියදා සිදු කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ වතුකරයේ කිසිදු වෘත්තීය සමිතියක් හෝ දේශපාලන පක්ෂයක් එවැනි ක්‍රියාවක් සිදුකර නොමැති බවත් එම ප්‍රකාශය තරයේ හෙළා දකින බවය. වසර දෙසීයකට ප්‍රථම වතුකරයේ තත්ත්වය පිළිබඳ උපකල්පනය කරමින් මංජුල ගජනායක එවැනි ප්‍රකාශයක් මාධ්‍යයට කර ඇති බවට තමන් විශ්වාස කරන බවත් වර්තමානයේ වතුකරයේ ජනතාව සහ ඔවුන්ගේ දරුවන් බුද්ධිමත් තීරණ ගන්නා ජනතාවක් බවත් මන්ත්‍රිවරයා කියා සිටියේය.

වතුකරයේ ජනතාවගේ දරුවන් අද උපාධිධාරින් වන බවත් තවත් පිරිසක් රජයේ රැකියාවල නිරත වන බවත් එම ජනතාව තම වටිනා ඡන්දය භාවිත කළ යුත්තේ කාටද යන්න පිළිබඳ බුද්ධිමත්ව සිතා බලා තීරණ ගන්නා බවත් මන්ත්‍රිවරයා පැවසීය.

පසුගිය වසර කිහිපය තුළ වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලීමට නොහැකි වූයේ වත්මන් රජයෙන් වතු කම්කරුවන් වෙනුවෙන් කිසිදු මුදල් ප්‍රතිපාදනයක් ලබා නොදුන් නිසා බවත් එවැනි ජනතාවක් අපකීර්තියට පත් කරමින් මෙවැනි ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතු බවත් පෙන්වා දුනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප් අතේ තිබිය හැකි නමුත් එය ඔහුගේ නොවන බව නොබෙල් නිලධාරීහු පවසති!

සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): වෙනිසියුලාවේ විපක්ෂ නායිකා...

චීන-කැනඩා සබඳතා අලුත් කරමින් දෙරට නායකයින් අතර සාකච්ඡා

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කැනේඩියානු අගමැති Mark...

වේගවත්ම අර්ධ ශතකය ශෂීනි ගිම්හානිගෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

අමෙරිකාව ගත් තවත් බරපතල තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය...