අවස්ථාවාදී ඇමතිකම් ගන්න අපි එන්නේ නැහැ – සජිත් පාර්ලිමේන්තුවේදීත් යළි තහවුරුවක් දෙයි

අවස්ථාවාදී ඇමතිකම් ලබාගැනීමට විපක්ෂ නියෝජනය කරන සමඟි ජන බලවේගයේ කිසිවෙකු හෝ නොපැමිණෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ජනාධිපති,අගමැති,ඇමති අං තට්ටු දමා ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නැති අතර බලයට පැමිණෙන්නේ නම් ඒ ජනතා ආශීර්වාදයෙන් බවයි ප්‍රේමදාස මහතා කියා සිටියේ.

මේ අතර දැන් මහ පොළවේ විරෝධයට ආණ්ඩුව අවනත විය යුතු බවත් දැන් හෝ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ ක්‍රමවේදයකට පිවිසිය යුතු බවත් හෙතෙම සඳහන් කරන ලදී.

හැකි නම් එය මෙම සතිය තුළම ආරම්භ කරන ලෙසයි ඔහු පැවසුවේ.

මේ අතර නිවැරදි යහපත් ප්‍රතිපත්ති මත පිහිටා රටේ ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් හොද වැඩක් කරන්නේ නම් එයට ඕනෑම අවස්ථාවක සහය දෙන බවද ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...