වැරදිලාවත් කඩුව වැද්දට නම් දෙන්න එපා – හරීන් !

Date:

කොළඹ LNW:මෙය අත්හදා බැලිය හැකි මොහොතක් නොවන අතර කරගෙන ආ වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යාමට අවස්ථාව දීමක් බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ වෙනුවෙන් රටේ සිටිය යුතුම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි ඔහු අවධාරණය කරන්නේ.

” නායකයෙක් කියන්නේ කොන්දක් තියෙන මිනිහෙක්. නායකයෙක් කියන්නේ තීරණ ගන්න මිනිහෙක්. නායකයෙක් කියන්නේ අභියෝග භාර ගන්න මිනිහෙක්. අභියෝගය භාර ගන්නේ නැතුව හැංගි හැංගි හැංගි ඉඳලා ආර්ථිකය හැදුවට පස්සේ පොරටෝක් දෙනකොට විශ්වාස කරන්න එපා. මනමේ නාට්‍යයේත් කියල තියෙනවා. ජන්ද කාලෙට ජන්ද දායකයෝ කුමාරිකාවෝ වගේ. හැම ජන්ද අපේක්ෂකයා වගේ කුමාරිකාවට වදිනවා. හැබැයි මතක තියා ගන්න මේ කුමාරිව බේරගත්ත කුමාරය ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ. හැබැයි බැරිවෙලාවත් කුමාරිව බේරගත්ත කුමාරයා වෙනුවට වැද්දට කඩුව දුන්නොත් ඔබතුමන්ලා සියල්ලන්ම කපෝති කියන එක මතක තියාගන්න. මේක ටෙස්ටින් ටයිම් එකක් නෙවෙයි. මේක අත්හදා බලන වෙලාවක් නෙවෙයි. මේක කරගෙන ආපු දේ කරන් යන්න දෙන අවස්ථාවක් විටහ්රයිවිතරයි කියන එක මතක තියාගන්න. මේ කරගෙන ආපු වැඩ ටික කරන්න නම් මේ රටේ ඉන්නම ඕන නායකයා රනිල් වික්‍රමසිංහ පමණයි කියන එක මතක තියාගන්න මිත්‍රවරුනි.” යනුවෙන් හරීන් ප්‍රනාන්දු මහතා තවදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – දෙමව්පියන් නිහඩ විරෝධයක් අරඹයි!

කොළඹ LNW:තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක...

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...