*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

මගේ ආදරණිය අම්මේ තාත්තේ,නැවත වතාවක් ආසියාවේ සංවර්ධිතම රට බවට පත්කිරීමේ වැඩපිළිවෙළ අපි ආරම්භ කරනවා – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ (LNW):

අයිඑම්එෆ් එකයි ලෝක බැංකුවයි ආසියානු සංවර්ධන බැංකුවයි සතුටු කරනවා වගේම මේ රටේ ග්‍රාමීයව ජීවත්වන දෙමව්පියෝ දරුවෝ සතුටු කිරීමේ වගකීම ආණ්ඩුවකට තිබෙන බව, නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අපි ගම කේන්ද්‍ර කර ගත්ත දේශපාලන පක්ෂයක්. අපි හැමදාම විශ්වාස කරා ගම ශක්තිමත් කළොත් පමණයි මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්. අපේ ඡන්දදායකය අපි රකින්න ඕනේ. සමහර නායකයින්ගේ ප්‍රතිපත්ති පිටින් ගෙනල්ල කන්න දෙන එක.ඒ අය හිතනවා ඒක ලාබයි ලංකාවේ වවනවට වඩා කියලා. නෑ.ලංකාවේ වවන්න පුළුවන් හැම භෝගයක්ම බලන්න ඕනේ. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය වගේම රාජ්‍ය මැදිහත් මැදිහත්වීම අපි ලබා දෙනවා. ” යනුවෙන්ද ඒ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

අපි මේ රටට ආදරය කරන දේශපාලන කණ්ඩායමක්. අපේ ප්‍රතිපත්ති අපේ හාමුදුරුවනේ හැමදාම තියෙන්නේ මේ රටේ පොඩි මනුස්සයත් එක්ක බද්ධ වෙලා. අපේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා. පන්සලත් එක්ක බද්ධ වෙලා. ගමේ අම්මා තාත්තාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ වගකීම ආණ්ඩුවකට තියෙනවා. අයිඑම්එෆ් එකයි ලෝක බැංකුවයි ආසියානු සංවර්ධන බැංකුවයි සතුටු කරනවා වගේම මේ රටේ ග්‍රාමීයව ජීවත්වන දෙමව්පියෝ දරුවෝ සතුටු කිරීමේ වගකීම ආණ්ඩුවකට තියෙනවා. අපි ඒ වගකීම තේරුම් ගත්තු දේශපාලන බලවේගයක්. මං විශ්වාස කරනවා එක පැත්තකින් මේ රටේ දෙමව්පියෝ අපේක්ෂා කරන දරුවන්ගේ අධ්‍යාපනය නූතනත්වයත් එක්ක ගැලපෙන ලෝක රැකියා වෙළඳපොළට සරිලන අධ්‍යාපන ක්‍රමවේදයකට අපි පරිවර්තනය කරනවා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ තරුණයෙක්ට දරුවෙක්ට, අවශ්‍ය නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා යන්නත් එහෙමත් නැත්තං ලෝක රැකියා වෙළඳපොළට සරිලන දැනුමක් බුද්ධියක් ලබාගන්න එහෙමත් නැත්තං වෘත්තීයය කාර්මික පුහුණුවක් ලබාගන්න පුළුවන් අවකාශය අපි හදලා දෙනවා.

තවත් පැත්තකින් අපි විශ්වාස කරනවා මේ රටට ආයෝජකයෝ ගේන්න ඕනේ. අපිට ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් තියෙනවා. ඒ ආයෝජකයාට හරියන ප්‍රතිපත්ති අපි අනුගමනය කරන්න ඕනේ. අසීමිත බදු තුළ සාමාන්‍ය පුරවැසියාට සාධාරණයක් වෙන්නෙත් නැහැ නැහැ. ඒ වගේම ව්‍යාපාරිකයාට සාධාරණයක් වෙන්නෙත් නැහැ. ඒ නිසා මිනිස්සුන්ට දරන්න පුළුවන් බද්දක් අපි ගහන්න ඕනේ. බදු ගෙවන්න මිනිස්සු ලෑස්තියි.අපේ ජනතාව අපේ හාමුදුරුවනේ බදු ගෙවන්න විරුද්ධ නැහැ. හැබැයි ඒ ගෙවන බද්ද සාධාරණ වෙන්න ඕනේ. මිනිස්සුන්ට දරාගන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා පැහැදිලිවම අපි මිනිස්සුන්ට දරාගන්න පුළුවන් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. එසේම ඒ ප්‍රතිපත්ති අපි කාලෙන් කාලෙට වෙනස් කරන්නේ නැහැ.

අපි දැක්කා පහුගිය කාලේ මැතිවරණයක් ළං වෙනකොට කැබිනට් පත්‍රිකා දානවා 2025 ඉඳලම පඩි වැඩි කරන්න. ඇයි ඒ? පහුගිය කාලේ කිව්වේ සල්ලි නෑ කියලා. හැබැයි ඡන්දෙ ළං වෙනකොට සල්ලි හම්බෙලා. ඇයි අපි රවට්ටන්නේ. ඇයි අපි මැතිවරණය කේන්ද්‍ර කරගත්ත ක්‍රමවේදයකට පමණක් ආණ්ඩු කරන්නේ? ඒ නිසා මං පැහැදිලිව විශ්වාස කරනවා අපි ගේන්න ඕනේ මැතිවරණ ඉලක්ක කරගත්ත දේශපාලන ප්‍රතිපත්ති නෙමෙයි. රාජ්‍ය යාන්ත්‍රණය තුළ රාජ්‍ය සේවකයාගේ ගෞරවය ආරක්ෂා කරනවා වගේම උද්ධමනයට සාපේක්ෂව පඩි වැඩි කිරීමක් කරනවා නම් ඒකට අවශ්‍ය ක්‍රමවේදයක් අපි හඳුන්වා දෙන්න ඕනේ. ඒක මැතිවරණ වේදිකාවට තීන්දු කරන්න ඉඩ තියන්න ඕන නෑ. ඒ සඳහා අවශ්‍ය පැහැදිලි ක්‍රමවේදයක් අපි හඳුන්වලා දෙන්න ඕන. මං විශ්වාස කරනවා එක පැත්තකින් රාජ්‍ය සේවයට තාක්ෂණය බද්ධ වෙන්න ඕනේ. ජනතා සේවාවන් ඩිජිටල්කරණයට පරිවර්තනය වෙන්න ඕනේ. අපි තෙල් පෝලිම අයින් කරා කියනවා හැබැයි අනිත් පැත්තෙන් පාස්පෝර්ට් පෝලිම දික් වෙලා. හැමකෙනාගෙම මේ පෝලින්න අයින් කරන්න ජනාධිපතිවරු පත්වෙන්න ඕනෙද?

නෑ. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදය අපි හඳුන්වලා දෙන්න ඕනේ. ඒ වගේම මේ රටේ දේශීය ව්‍යාපාරිකයා සහ ගොවියා ආරක්ෂා කරන්න අපි කටයුතු කරන්න ඕන. අපි දැඩි සේ විශ්වාස කරනවා මේ රටේ සංස්කෘතියත් හා බද්ධ වෙච්ච ආර්ථික ක්‍රමවේදයක් අපි අනුගමනය කරන්න ඕනේ කියලා.
ගමයි පන්සලයි කේන්ද්‍ර කරගත් සමාජයක් අපි හදන්න ඕනේ.
යම්කිසි හේතුවක් හින්දා පවතින ක්‍රමවේදයත් එක්ක අද සමාජය බිඳ වැටිලා තියෙනවා. තරුණ පරම්පරාව පන්සලෙන් ඈත් වෙලා තියෙනවා පල්ලියෙන් කෝවිලෙන් ඈත් වෙලා තියෙනවා. ඒ තුළින් අපි සංස්කෘතික වශයෙන් යම් කඩාවැටීමකට ලක්වෙලා තියෙනවා. මේකට අපි මුහුණ දෙන්න ඕනේ. එනිසා ආණ්ඩුවකට වගකීමක් තියෙනවා ආර්ථික, සමාජ, දේශපාලන වගේම මේ රටේ ජනතාවගේ ආරක්ෂාව, පාතාලයෙන්,මංකොල්ලකරුවන්ගෙන්, පික් පොකට්කාරයන්ගෙන් බය නැතුව නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ආරක්ෂාවක් සහිත පසුබිමක් හදන්න ආණ්ඩුවකට වගකීමක් තියෙනවා. මේ කාරණා එක්ක අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහින්ද චින්තනය කේන්ද්‍ර කරගත්ත ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන අපි, එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ සංවර්ධනය නවත්තපු තැන ඉඳලා ඉදිරියට අරගෙන යන්න සැප්තැම්බර් මාසේ 22වෙනි ද ඉඳලා අපි ආරම්භ කරනවා කියන එක මතක් කළ යුතුයි.අපි ඒ වගකීම ඉෂ්ට කරනවා.

අපි ගම කේන්ද්‍ර කර ගත්ත දේශපාලන පක්ෂයක්. අපි හැමදාම විශ්වාස කරා ගම ශක්තිමත් කළොත් පමණයි මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්. අපේ ඡන්දදායකය අපි රකින්න ඕනේ. සමහර නායකයින්ගේ ප්‍රතිපත්ති පිටින් ගෙනල්ල කන්න දෙන එක.ඒ අය හිතනවා ඒක ලාබයි ලංකාවේ වවනවට වඩා කියලා. නෑ.ලංකාවේ වවන්න පුළුවන් හැම භෝගයක්ම බලන්න ඕනේ. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය වගේම රාජ්‍ය මැදිහත් මැදිහත්වීම අපි ලබා දෙනවා. සමෘද්ධ ව්‍යාපාරය පිළිබඳව සමහර දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් අතර වැරදි මතයක් තියෙනවා මේක සල්ලි නිකන් දෙන්න හදපු එකක් කියලා. සමෘද්ධි ව්‍යාපාරය කියන්නේ එතනින් එහාට ගියපු වැඩපිළිවෙලක්. එනිසා මං පැහැදිලිව කියනවා අපි සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කරනවා. සමෘද්ධි බැංකු පද්ධතිය අපි ශක්තිමත් කරනවා.

මේ යක්කල කියන්නෙත් මගේ ගම. එනිසා ගමට ඇවිල්ලා අපිට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. එනිසා මම මගේ නෑදෑයින්ගෙන් මේ ඉල්ලන්නේ හිතමිතුරන්ගෙන් ඉල්ලන්නේ, අපි මේ රටට ද්‍රෝහී වෙන දේශපාලනයක් කරන්නේ නැහැ. අපි මේ රට ආරක්ෂා කරපු අය. ඉදිරියටත් ආරක්ෂා කරනවා. ඒ වගේම මම වගකීමෙන් කියනවා මගේ ආදරණිය අම්මේ තාත්තේ,නැවත වතාවක් ආසියාවේ සංවර්ධිත ම රට බවට පත්කිරීමේ වැඩපිළිවෙළ අපි ආරම්භ කරනවා” ලෙස කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan