*
Tuesday, January 7, 2025
spot_img

Latest Posts

මෙරට විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවටමිත්‍යා මත ප්‍රචාරය කිරීමට සමහර කණ්ඩායම් කටයුතු කරනවා – සුරාබදු කොමසාරිස් ජනරාල්

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ (LNW):

“ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයින් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (26) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්, රාජ්‍ය ආදායමෙහි ප්‍රධාන මූලාශ්‍ර තුනක් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාර මිත්‍යා සහගත බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පැවසීය.

එසේම මෙම ආයතන තුන 2023 වසරේදී ඉතිහාසයේ වැඩිම ආදායම ලෙස රුපියල් ට්‍රිලියන 3 ඉක්මවූ ආදායමක් ලබා ගත් අතර වසර 25කට පසු ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීමට සමත් වූ බවද ඒ මහතා සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා,

මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන රාජ්‍ය ආදායම් ලබා දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව යන ආයතන තුන නීතිමය රාමුවක් තුළ අදාළ බදු එකතු කිරීම් සිදු කරනවා. නමුත් මෙරට විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට
මිත්‍යා මත ප්‍රචාරය කිරීමට සමහර කණ්ඩායම් කටයුතු කරනවා. නමුත් සමස්තයක් ලෙස ගත් කල ආයතන තුනෙහිම හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 90කටත් අඩු බවද කිව යුතුයි. එම බදු ආදායම් ගෙවීමට තිබෙන බහුතරයක් ආයතන රාජ්‍ය ආයතන බවද සඳහන් කළ යුතුයි.

අනෙක් ආයතන වෙතින් බදු මුදල් අය කර ගැනීම සඳහා අධිකරණ‍ය වෙත යොමු වී තිබෙනවා. එම නිසා එම මුදල් සැලකිය යුත්තේ අත්හිටවූ බදු ලෙසයි. එම අධිකරණ ක්‍රියාවලිය නිමවූ පසු නැවත බදු අය කර ගැනීමේ හැකියාව තිබෙනවා.එසේම ඕනෑම රටක සමස්ත බදු ආදායමෙන් 3%ක් -5%ක් අතර ප්‍රමාණයක බදු හිඟයක් පවතිනවා. නමුත් සමස්තයක් ලෙස ගත් කල පසුගිය වසර දෙකක කාලය තුළ රාජ්‍ය බදු ආදායම විශාල ප්‍රමාණයකින් වැඩි වුණා.ඒ අනුව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන ත්‍රිත්වය 2023 වසරේදී ඉතිහාසයේ වැඩිම ආදායම ලෙස රුපියල් ට්‍රිලියන 3 ඉක්මවූ ආදායමක් ලබා ගෙන තිබෙනවා.

ඒ සමඟ වසර 25කට පසු ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීමට සමත් වූ බවත් පැවසිය යුතුයි.මෙහිදී සුරාබදු දෙපාර්තමේන්තුව වෙත අවධානය යොමු කළහොත් එය 2023 වසරේ රුපියල් බිලියන 179ක ආදායමක් ලබාගෙන තිබෙනවා.2024 වසරට ලබා දී තිබෙන ඉලක්කය රුපියල් බිලියන 232යි. 2023 අගෝස්තු 22 වන දා වනවිට අප රුපියල් බිලියන 106.5ක ආදායමක් ලබා තිබූ අතර, 2024 අගෝස්තු මාසයේ දී රුපියල් මිලියන 132.7ක ආදායමක් හිමි කර ගෙන තිබෙනවා.එම කාල සීමාව අනුව මේ වසරේ දී 24.6%ක වර්ධනයක් පෙන්නුම් කරනවා .ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුවට බලපත්‍ර නිකුත් කිරීම මඟින් ආදායම් ලැබෙනවා.

නව බලපත්‍ර ලබා දීමේදී මහ නගර සභා සීමාවක් තුළ රුපියල් මිලියන 15ක්, නගර සභා සීමාවක් තුළ රුපියල් මිලියන 12.5ක් හා ප්‍රාදේශීය සභා සීමාවක් තුළ රුපියල් මිලියන 10ක් ලබා ගැනීම සිදුකරනවා. නිෂ්පාදනාගාරයක් සඳහා බලපත්‍ර නිකුත් කිරීම සිදුකරන්නේ රුපියල් මිලියන 25ක මුදලකටයි.මේ වසරේ අගෝස්තු 20 වැනිද වන විට රුපියල් බිලියන 132.4 ප්‍රමාණයක් උපයා ගැනීමට අප දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා. 2023 වසරේ අප ආයතනයේ හිඟ බදු මුදල රුපියල් මිලියන 1040ක් වුවත් එයින් රුපියල් මිලියන 609 ක් මෙම වසරේ පෙබරවාරි මාසය වන විට අය කර ගැනීමට හැකියාව ලැබුණා.

අනෙක් සියලු හිඟ බදු මුදල් අධිකරණ ක්‍රියාවලියකට නතුවී තිබෙන බව කිව යුතුයි.දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් සමන් ශාන්ත මහතා ප්‍රකශ කළේ,රට යථා තත්ත්වයට පත් වීමත් සමඟ පසුගිය වසරේ සිට බදු ආදායම් ඉලක්ක ඉක්මවා කටයුතු කිරීමට හැකි වුණා. 2024 වසරේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2024 යි.එම ආදායම ළඟා කර ගැනීම වෙනුවෙන් මෙම වසරේ පළමු මාස හතරේදී සියයට 40%ක ආදායමකුත් ඉතිරි මාස හයේ දී 60%ක් ආදායමකුත් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

අවදානම් කළමනාකරණ ඒකකයක් පිහිටුවා බදු ආදායම් ක්‍රියාවලිය සක්‍රීයව හා විධිමත්ව සිදු කිරීමට කටයුතු කර ඇති බවද කිව යුතුයි. මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අදාළව අත්හිටවූ බදු ආදායම ලෙස රුපියල් බිලියන 1066ක් තිබෙනවා. ඒ අදාළ බදු මුදල් සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නිසයි.ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හිඟ බදු රුපියල් බිලියන 188ක් තිබුණා. එයින් සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ කැප කිරීම මත රුපියල් බිලියන 104ක් නැවත ලබා ගැනීමට කටයුතු කරමින් තිබෙනවා. තවත් රුපියල් බිලියන 84ක හිඟ බදු ප්‍රමාණයක් පවතිනවා. එය ලබා ගැනීම සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාවලිය මේ වන විටත් සිදුකර තිබෙනවා.

2023 වසරේ ලක්ෂ හතරහමාරක්ව පැවති බදු ලිපි ගොනු ප්‍රමාණය මේ වන විට ලක්ෂ එකොළහමාරක් බවට පත්ව තිබෙනවා. මේ වසරේ ටින් අංකය ලබා ගත් ප්‍රමාණය ලක්ෂ හතළිස් හතක් වෙනවා.මේ දිනවල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙස්වලාගෙන ආයතනවලට ගොස් බදු ලබා ගන්නා පුවත් සමාජ මාධ්‍යවල ප්‍රචාරණය වෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිසි විටෙකත් ආයතන වෙත ගොස් බදු එකතු කිරීමක් සිදු කරන්නේ නැහැ. ඔවුන් ආයතනවලට යන්නේ දැනුවත් කිරීම් සඳහා පමණයි.එම නිසා වෙස් වලාගෙන සිටින කිසිම පුද්ගලයකුට මුදල් ලබා දීමෙන් වළකින ලෙස මේ අවස්ථාවේදී පැවසිය යුතුයි. අපද මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි විමර්ශනය කිරීම සඳහා පොලිසිය ඇතුලු ආරක්ෂක අංශ දැනුවත් කිරීම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මූල්‍ය නිලධාරී අනුර මුතුකුඩේ මහතා සදහන් කළේ ,2024 වසරේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 1533ක් වෙනවා.මෙම වසරේ අගෝස්තු 25 වන විට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 963.7 ක් උපයා ගැනීමට සමත් වී තිබෙනවා. මාධ්‍ය වාර්තා පළ වූ ආකාරයෙන්ම රේගු දෙපාර්තමේන්තුවේ හිඟ බදු මුදල රුපියල් බිලියන 58.6ක්. එයින් රාජ්‍ය ආයතන ලබාදිය යුතු බදු මුදල රුපියල් බිලියන 57.6ක් වනවා.එම නිසා එම බදු මුදලේ අගය ශූන්‍යතාවයක පවතිනවා. ඉතිරි බදු ලබා ගැනීම සඳහා අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ආයතනය කටයුතු කර තිබෙනවා. මේ සමහර හිඟ බදු අවුරුදු දහයක් හෝ ඊට වැඩි ගණනක් පවතින ඒවායි.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව “සුපිළිපන්න ඒකකයක්” විවෘත කර තිබෙනවා. එයට ඕනෑම කෙනෙකුගේ මහජන පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. මේ සියලුම බදු එකතු කිරීම සිදු කරන්නේ සේවකයෙන් නමසිය හතලිහකගේ පුරප්පාඩු මධ්‍යයේ බවද සඳහන් කළ යුතුයි. නමුත් අප සේවකයන් කිසිම බදු ආදායම් පැහැර හැරීමකට ඉඩ ලබාදී නැහැ” යනුවෙන් ඒ මහතා කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan