රු.20000 ගානේ දීලා මම මාස 24න් දුප්පත්කම තුරන් කරනවා – සජිත් ප්‍රේමදාස

Date:

කොළඹ LNW:දුප්පත්කම තුරන් කිරීමේ සිය නව වැඩපිළිවෙල හරහා මසකට රු.20,000ක ප්‍රතිපාදනයක් ලබාදෙමින් මාස 24ක් තුළ දුප්පත්කමින් මුදවන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

ජීවත් වීමේ මාර්ගයක් නොමැති, පැහැදිලි ජීවනෝපායක් ආදායම් මාර්ගයක් නොමැති එදිනෙදා වේල් තුනවත් සපුරා ගත නොහැකි දුප්පත් ජනතාව වෙනුවෙන් ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම හා ගැමිදිරිය වැඩසටහන්වල හොඳ ගුණාංග එකතු කර අඩුපාඩු තුරන් කර නව දුගී දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

ආහාර හා ආහාර නොවන අවශ්‍යතා සඳහා,පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය සහ අපනයනය යන කරුණු කේන්ද්‍ර කරගෙනයි සජිත් ප්‍රේමදාස මහතා එම වැඩසටහන සකස් කිරීමට බලාපොරොත්තු වන්නේ.

ඔහු මේ බව පැවසුවේ අද (26) කන්තලේ සේරුවිල නගරයේ දී පැවති රැළිය අමතමිනි.

එම රු. 20000 සහනය දෙන විට මාස 24ක් පුරා ලැබෙන මේ ආධාර උපයෝගී කර ගෙන දුප්පත්කමින් මිදෙන්න කටයුතු කළ යුතු බවත් ඒ ප්‍රතිලාභ ලබා දෙන්නේ ගෘහයේ සිටින කාන්තාව මූලික කර ගෙන බවත් ගෘහයේ සියලු ක්‍රියාදාම විධිමත්ව හා ශක්තිමත්ව හා විනයවත්ව ක්‍රියාත්මක කරන්නේ ගෘහයේ කාන්තාව නිසා ඇය මූලික කර ගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රටට බරක් ලෙස සලකන දුප්පත් ජනතාව නිෂ්පාදන ගමනේ භාරකරුවන් බවට, පාර්ශ්වකරුවන් බවට පත් කරන බවද හෙතෙම කියාසිටියේය.

දුප්පත්කම යනු බරක් නොව රට ගොඩනගන පසුබිම සකස් කරන්නක් නිසා එම සහනය ලබා දෙන බවත් බොරුවෙන් තොර එම වැඩසටහන මහපොළොවේ යථාර්ථයක් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා...

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...