සෑම මැතිවරණ කොට්ඨාසයකටම කර්මාන්තයක් – නාමල් රාජපක්ෂ

සටහන – රුවන් නෙළුගොල්ල

තම ආණ්ඩුවක් යටතේ රැකියා උත්පාදනය කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන බවත් සෑම මැතිවරණ කොට්ඨාසයකටම එක් කර්මාන්තයක් බැගින් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“සමෘද්ධි ව්‍යාපාරය තුළ තමයි මේ රටේ ග්‍රාමීය ආර්ථිකය වගේම අහිංසක දෙමාපියන්ව දුප්පත්කමින් එළියට ගන්න පුළුවන් වැඩපිළිවෙල තියෙන්නේ. පැහැදිලිවම මම හදන ආණ්ඩුවක් තුළ සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. අපි සමෘද්ධිලාභියාව ව්‍යවසායකයෙක් බවට පත්කරනවා. සමෘද්ධි පවුලේ දරුවාට දේශීය විදේශීය රැකියා වෙළඳපොළට යන්න පුළුවන් අවකාශය හදනවා. අපි ආයෝජකයෝ ගමට ගේනවා. රැකියා උත්පාදනය කරන්න අවශ්‍ය පරිසරය අපි නිර්මාණය කරනවා. අපි හදන ආණ්ඩුවක් තුළ සෑම මැතිවරණ කොට්ඨාසයකටම කර්මාන්තයක්, කර්මාන්තයකට ආයෝජනය කරන්න පුළුවන් අවකාශය නිර්මාණය කරනවා”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (26) දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...