වසර පහක් තුළ පරිගණක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් – නාමල් රාජපක්ෂ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තම රජයක් යටතේ මීළඟ වසර පහ තුළ මෙරට පරිගණක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් උත්පාදනය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“ඔබේ දරුවාට අවශ්‍ය අධ්‍යාපනය අපි දෙනවා. ඔහුට අවශ්‍ය කෘෂිකර්මයෙන් යන්න නම්, ඔහුට අවශ්‍ය කෘෂිකර්මයට තාක්ෂණය බද්ධ කරන්න නම් ඊට අවශ්‍ය තාක්ෂණය, දැනුම, ආයෝජනය අපි දෙනවා. ඔබේ දරුවාට අවශ්‍ය තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්නම්, මේ වැඩිහිටියන්ගේ අවශ්‍යතාවය නූතන ලෝකයේ, පරිගණක ලෝකයේ, කෘතීම බුද්ධි ලෝකයේ කටයුතු කරන දරුවෙක් බිහිකරන්න නම් ඒකට අවශ්‍ය පහසුකම් අපි දෙනවා. අපි විශ්වාස කරනවා අපේ රටේ මීළඟ අවුරුදු පහ ඇතුළත පරිගණක ක්ෂේත්‍රය තුළ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ රැකියා ලක්ෂ 10ක් උත්පාදනය කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ අපි ගන්නවා. ඒ සඳහා අවශ්‍ය ආයෝජකයො අපි ගේනවා. ඒ ආයෝජකයින්ට අවශ්‍ය පරිසරය අපි නිර්මාණය කරලා දෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙලක් එක්ක ඔබ වෙනුවෙන් මේ රට ගොඩනඟනවා කියන එක මම මහත් වගකීමෙන් යුතුව කියනවා”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ නිකවැරටිය ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අයවැය එපා. අලුත් එකක් ගෙන්න – සජිත් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපතට පත් ජනතාවට සහන දීම සඳහා පවතින...

රජයේ වාහන 40ක් අවභාවිතා කරලා – වීරවංශට වරෙන්තු!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වරෙන්තු...

ඉන්දියාවේ අඛණ්ඩ සහය – තවත් හදිසි වෛද්‍යාධාර තොගයක් මෙරටට!(PHOTOS)

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් හදිසි...