*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

වෙන්න ජනාධිපතිලා දාන සෙල්ලම් සහ ක්‍රීඩාවේ පල්ලම්

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 28, (LNW) කොළඹ :

ක්‍රීඩාව රටේ නායකයා පත් කරන ඡන්දයත් එක්ක අමතක වෙමින් යනවා.ඒ නිසාම නායකයොත් ක්‍රීඩාව ගැන බලන හැටි අමතක කරනවා.සමහර අය කියන්නෙ රටකට ක්‍රීඩාවට වඩා දේවල් තියෙනවා කතා කරන්න කියලයි.ඒත් ක්‍රීඩාව කියන්නෙ රටක් ලෝකයේ ඉහළින් තබන්න පුළුවන් මානව ශක්තීන්වල හැකියාවෙන් පිරුණු එකක්.


ලෝකයේ බලවත් රාජ්‍ය ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙතරම් උන්නදු වෙන්නෙ තමන්ගෙ රටේ මානව ශක්තීන්වල ප්‍රබලත්වය හරහා ලෝකයට තමන් සතු ජනතාවගේ තරම කියා දෙන්නයි.ක්‍රීඩාව විෂයක් හැටියට නිරෝගී සහ ශක්ති සම්පන්න ජනතාවක් නිර්මාණය කරනවා.දැන් පාරවල්වල මිනිස්සු ගොඩක් ව්‍යායාම කරන්නෙ තමන්ගෙ ලෙඩවලට ප්‍රතිකාර හැටියට.ඒත් පාසල් කාලයේම ක්‍රීඩාව ඔවුන්ගේ භාවිතාවේ තිබුණානම් ඔවුන් අද ක්‍රීඩාව කරන්නෙ ලෙස සනීප කර ගැනීම වෙනුවට සිය නිරෝගිකම,නඩිසරකම ආරක්ෂා කර ගන්න දැඩි විනෝදයකින් වෙන්න පුළුවන්.


ජීවිතය සතුටෙන් විඳින,සහ පහසුවෙන් වැඩ කරන මිනිස්සු හදන්න මනුස්සෙක්ට ක්‍රීඩාවෙන් ලැබෙන සහය සුවිශාලයි.සුවිශේෂයි.ඒත් ලංකාවෙ තියෙන්නෙ බොහොම තක්කඩි ක්‍රමයක්.ක්‍රීඩාවෙන් අත් කර ගන්න සමාජ තත්ත්වය මිස එය පාලනය කරන පාලකයන්ට රටේ ක්‍රීඩාව ගුණාත්මක තලයෙන් පවත්වා ගෙන යන්න හෝ සංවර්ධනය කරන්න වැඩ පිළිවෙලක් නැහැ.රටේ ක්‍රීඩාවක් දිනුවම බොහෝ පැසසුම්,සමාජ මාධ්‍යවල විවිධ සුබ පැතුම් පළ කරන හැම කෙනෙක්ටම එකතු වී රටක් හැටියට ක්‍රීඩාව තල්ලු කරන්න පුළුවන් දුර අති විශාලයි.
අපි ලෝකයේ තැන් තැන්වලට රටේ දේශපාලකයො,පවුල් ගියහම ඒ අයගෙ ඇඳුම් බෑගය අරගෙන යන්න තරම් නිහීන සහ නිවට වෙච්චි තානාපතිවරු හදපු දේශපාලන පරිසරයක රටවල් හරහා ලෝකය ජය ගන්න යද්දි,ඒ අතර මැද රටක නවතින සුළු කාලයට ඒ රටේ තානාපති කාර්යයාලයෙ කෙනෙක් ඇවිත් මොකද වෙන්නෙ කියලා හොයලා බලන්නෙ නැහැ.මේ තමන් අයිති රට නියෝජනය කරන මිනිස්සු ඒ දේවල් නොකරනවා වගේම ඒ ස්ථාන දැනුවත් කරලා වැඩ කරන පළල් යාන්ත්‍රණයක් සහිත අන්තර් සබඳතාත් ලංකාවට නැහැ.කවුරුත් මේ ඡන්දයෙදි ඒවා ගැන කතා කරන්නෙත් නැහැ.ජාතික මට්ටමේ ක්‍රීඩකයො,හිටපු අය සමහර පක්ෂ වෙනුවෙන් නායකයො වෙනුවෙන් පෙනී සිටියත්,ඔවුන් වැඩ කරන දේශපාලන යාන්ත්‍රණය ඇතුළෙ ක්‍රීඩාවට තියෙන සුළු ඉඩ තකන්නෙ නැහැ.


මේ තත්ත්වය අද වන විට ක්‍රීඩා අමාත්‍යංශයෙත් තියෙනවා.අද වන විට අධිකරණය විසින් දුන් තීරණ පවා නොසළකා වැඩ කරන තත්ත්වයකට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පත් වෙලා තියෙනවා.අපරාධමය චෝදනා ගොනු කරන්න ඕනි මිනිස්සු ක්‍රීඩාවන්ට කරපු හානිය නොසළකා ඉහළ රාජ්‍ය නිලධාරීන් මෙන්ම දේශපාලකයෝ ද මේ වෙලාවෙ ඉන්නෙ දරුණු සැළසුම්වල.


උදාහරණයකට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ජනාධිපතිවරණය නිසා වගේ වගක් නැතුව ක්‍රීඩා කිහිපයක් තමන්ගේ යටතේ තියාගෙන පාලනය කරනවා.ඒවා ඇත්තටම තමන්ට සහ තමන්ගේ අමාත්‍යංශයෙ තියෙන දේශපාලන බලධාරීත්වයේ රුචිකත්වය මත එහාට මෙහාට පෙරළනවා විනා ඒ ක්‍රීඩාවට අදාළ ව්‍යවස්ථාපිත බලය නව පරිපාලනයකට භාර දීමෙන් වැළකී සිටිනවා.යම් ආකාරයක එවැනි බලය සඳහා වන නිලවරණයකදී ක්‍රීඩාවන්ට හානි කළ බව කියා ඒ කේෂ්ත්‍රය ඇතුළේ මිනිස්සු ප්‍රතික්ෂේප කරන්න නියමිත කෙනා තමන්ගේ අවශ්‍යයතාවය වීම නිසා දේශපාලකයෝ සහ ඉහළ නිලධාරී නිලවරණය මඟ හැර සිටිනවා.
උදාහරණයකට එසේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව අතේ තිබෙන ක්‍රීඩා පරිපාලන වලින් රගර් ක්‍රීඩාව සම්බන්ධයෙන් තමන්ගේ හිතවතුන්ට පිණුම් ගැසිය හැකි ලෙස,ඔවුන්ගේ අතීත දූෂිතයන් නොසළකා ඔවුන් අතට වගකීම පැවරෙන විදිහට රගර් ව්‍යවස්ථාව වෙනස් කිරීමේ කාර්යය මේ වන විට පවරාගෙන තිබෙන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යි.එයට නීතිමය වශයෙන් ඉඩක් නැති බවට නැත්නම් ඒ දේ නොකරන ලෙසට ආ අධිකරණ නියෝගය හමුවේ ඔහු වාර්ශික විශේෂ මහා සභාව අවලංගු කළා.එයින් ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස කරන්නට කරන උත්සාහයට පමණක් වාරණය වැටුණ ද,තමන්ගේ ආයතනයේ දේශපාලන ස්වාමියා සහ අදාළ ක්‍රීඩාවට සම්බන්ධ කළු ගැවුන චරිත අතර ඇති සංධානය වෙනුවෙන් ඔහු පවරා ගත් වගකීමක් හැටියට මේ තත්ත්වය හැඳින්විය හැකියි.


වඩාත්ම වැදගත් මේ තනතුරු වගකීම් පාවාඩ පිරුවට සේ දේශපාලකයින් හෝ ඉහළ නිලධාරීන් තේරුම් නොගැනීමයි.බැස යන්න සිඳු වී විට මග දකින හැමෝම ආදරයෙන් කතා කරන ඉතිහාසයක් වෙනුවට අතිශයින් මහන්සි වී කරන ලද සේවයේ සුදු පැහැය මත දේශපාලනය විසින් තැබූ කළු පැල්ලම් රැඟෙන යන්නට ඔවුන්ට සිඳු වෙනවා.


ඒ සියල්ල අතරේ ක්‍රීඩාවේ නියැලෙන පිරිස් විවිධ පක්ෂ සහ පුද්ගලයෝ වටා එකතු වී ඔවුන්ව දිනවීම අරමුණු කරගෙන වැඩ කරන බව පෙනෙන්නට තිබීම අශෝභනයි.මේ මොහොතේ රටට තීරණාත්මකම ඡන්දයක් පැමිණ ඇති අවස්ථ,ාවේ ක්‍රීඩා කේෂ්ත්‍රය තේරුම් ගත යුත්තේ කොන්දේසි විරහිතව එක් වීමයි.ක්‍රීඩාව කුමනාකාරයක් ගත යුතු ද යන්න සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සැළසුමක් සකසා අපේක්ෂකයින්ට ඉදිරිපත් කිරීම සහ ජනගත කිරීම ඔවුන්ගේ උත්සාහය විය යුතුයි.එහෙත් අසාධාරණ විදිහට ක්‍රීඩා සංවර්ධන දේපාර්තමේන්තුව පාලනය අල්ලා ගෙන සිටින ක්‍රීඩාවන් නිදහස් කර ගන්නවත් ඔවුන් සටන් කරන බවක් පෙනෙන්නේ නැහැ.


ඒ නිසා මේ ඡන්ද සෙල්ලමේ දී ක්‍රීඩාවට දීලා තියෙන අඩු ඉඩ දේශපාලනය විසින් ක්‍රීඩාව නොසළකා හැරීමක් පමණක් නොවේ,ක්‍රීඩාව විසින් ක්‍රීඩාව නොසළකා හැරීමක් ලෙසත් ගත හැකියි.ඒ නිසා අපට ඉතුරු වන්නේ මේ සටහනට යොදා ඇති ආකාරයේ පිංතූරයක්ය.විරාජමානව දිලෙන ප්‍රතාපවත් ගොඩනැඟිල්ලක් සහ හිස් පිට්ටනියක්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan