සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘ.ප.නි.ස. නිලධාරීන්ගේ සංගමයේ සහාය සජිත්ට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි සංගමය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකර තිබේ.

එම සංගමයේ විශේෂ සමුළුවක් ඊයේ (29) කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝලයේදී පැවැත්වුණු අතර එහිදී ඔවුන් සජිත් ප්‍රේමදාස මහතාට මෙවර ජනාධිපතිවරණයේදී සහාය දක්වන බව ප්‍රකාශයට පත්කෙරිණි.

“හිතකාමී රටක් සමෘද්ධිමත් හෙටක්” මැයෙන් යුතුව සංවිධානය කර තිබුණු මෙම සමුළුව නම් කර තිබුණේ “සජිත් සමග සමෘද්ධි බලවේගය” යනුවෙනි.

සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි සංගමයේ ලේකම් ධුරය දරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා විසිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැටී නැගිටින නුවරට වැටී නැගිටින පාඩමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: මේ මොහොත තවමත් වැටුණු...

මෙරට මාර්ග පද්ධතිය පිළිබද ඔබ දැනුවත්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ජනාතාවට ...

‘Zootopia 2’ බොක්ස් ඔෆිස් හි අංක 1 ස්ථානය ලබා ගනිමින් ලොව පුරා ඩොලර් බිලියන 1 ක ආදායමක් උපයයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෝල්ට්...