සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘ.ප.නි.ස. නිලධාරීන්ගේ සංගමයේ සහාය සජිත්ට

සටහන – රුවන් නෙළුගොල්ල

සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි සංගමය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකර තිබේ.

එම සංගමයේ විශේෂ සමුළුවක් ඊයේ (29) කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝලයේදී පැවැත්වුණු අතර එහිදී ඔවුන් සජිත් ප්‍රේමදාස මහතාට මෙවර ජනාධිපතිවරණයේදී සහාය දක්වන බව ප්‍රකාශයට පත්කෙරිණි.

“හිතකාමී රටක් සමෘද්ධිමත් හෙටක්” මැයෙන් යුතුව සංවිධානය කර තිබුණු මෙම සමුළුව නම් කර තිබුණේ “සජිත් සමග සමෘද්ධි බලවේගය” යනුවෙනි.

සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි සංගමයේ ලේකම් ධුරය දරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා විසිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටිල්වින් සිල්වා සහ BJP නියෝජිතයින් අතර සාකච්ජා!

කොළඹ LNW:මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ...

ඇහුන් නෑ, මතක නෑ, දන්නෑ වීරත්වය : ගෝඨාගෙන් ඉගෙන ගන්න

ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වුණු ලලිත් කුමාර් වීරරාජු...

ඉරාකයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ඉරාකයේ ඉතිරිව තිබූ...

වැසි තත්වයේ යළි වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ...