තායිලන්ත උමං මාර්ගයක දින ගණනක් සිරවී සිටී විදෙස් කම්කරුවන් මිය ගොස් සිටියදී සොයා ගැනේ

Date:

සටහන : සශිකලා මධුෂාණි
අගෝස්තු මස 30: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : තායිලන්ත-චීන අධිවේගී දුම්රිය ව්‍යාපෘතියේ කොටසක් වන ඉදිවෙමින් පවතින බැංකොක් අගනුවරට ඊසාන දෙසින් කිලෝමීටර් 200ක් (සැතපුම් 124) පමණ දුරින් පිහිටි පාක් චොං දිස්ත්‍රික්කයේ ඉදිකරමින් තිබු උමං මාර්ගයක කොටසක් කඩා වැටීම හේතුවෙන් එහි සේවය කරමින් සිටි චීන කම්කරුවන් දෙදෙනෙකු හා මියන්මාර් කම්කරුවකු මියගොස් ඇති බව තායි බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

තායිලන්ත රාජ්‍ය දුම්රිය සේවයේ (SRT) නිලධාරීන් සහ චීන ආපදා ප්‍රතිචාර කණ්ඩායමකින් සමන්විත ගලවා ගන්නන්, විපතට පත් වූවන් ගලවා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුගිය සතිය පුරා දිවා රෑ නොබලා වැඩ කළ නමුත් මුලික පරීක්ෂණ මඟින් පෙනී ගොස් තිබුණේ, වාතය නොමැතිකම හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවයි.

කෙසේ නමුත්, සිද්ධිය සම්බන්ධයෙන් තායිලන්ත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, උමග අවට ඉදිකිරීම් කටයුතු මේ වන විට අත්හිටුවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 ආසියා බර්ලින් සමුළුවේදී ශ්‍රී ලාංකික නවෝත්පාදනයන් විශ්මයට පත් කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : 2025 ආසියා බර්ලින්...

28 වැනිදා සිට විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් අඛණ්ඩ වැඩවර්ජනයක – වර්ජනයට ඉඩ දෙනවද නැද්ද තීරණ ඇමති අතේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන 28 වැනිදා පෙරවරු 08.00 සිට අඛණ්ඩ...

විරෝධය අසුන් ගත් පෙළපාළිය: ඉන්දියාවේ ජනරජ දිනය සැමරීමට පාකිස්තානය පැමිණි කතාව

විරෝධය අසුන් ගත් පෙළපාළිය: ඉන්දියාවේ ජනරජ දිනය සැමරීමට පාකිස්තානය පැමිණි කතාව