තායිලන්ත උමං මාර්ගයක දින ගණනක් සිරවී සිටී විදෙස් කම්කරුවන් මිය ගොස් සිටියදී සොයා ගැනේ

සටහන : සශිකලා මධුෂාණි
අගෝස්තු මස 30: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : තායිලන්ත-චීන අධිවේගී දුම්රිය ව්‍යාපෘතියේ කොටසක් වන ඉදිවෙමින් පවතින බැංකොක් අගනුවරට ඊසාන දෙසින් කිලෝමීටර් 200ක් (සැතපුම් 124) පමණ දුරින් පිහිටි පාක් චොං දිස්ත්‍රික්කයේ ඉදිකරමින් තිබු උමං මාර්ගයක කොටසක් කඩා වැටීම හේතුවෙන් එහි සේවය කරමින් සිටි චීන කම්කරුවන් දෙදෙනෙකු හා මියන්මාර් කම්කරුවකු මියගොස් ඇති බව තායි බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

තායිලන්ත රාජ්‍ය දුම්රිය සේවයේ (SRT) නිලධාරීන් සහ චීන ආපදා ප්‍රතිචාර කණ්ඩායමකින් සමන්විත ගලවා ගන්නන්, විපතට පත් වූවන් ගලවා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුගිය සතිය පුරා දිවා රෑ නොබලා වැඩ කළ නමුත් මුලික පරීක්ෂණ මඟින් පෙනී ගොස් තිබුණේ, වාතය නොමැතිකම හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවයි.

කෙසේ නමුත්, සිද්ධිය සම්බන්ධයෙන් තායිලන්ත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, උමග අවට ඉදිකිරීම් කටයුතු මේ වන විට අත්හිටුවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරත් සෘතුවේ දී දම් පාට හීතර් මල්වලින් පිරුණු කවිත්වයෙන් අනූන මෙයයි එංගලන්තය……..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : වල් හෙඩ්ලන්ඩ්ස් (wild...

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...

ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!

කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...