සමඟිය ඉන්නේ සුපිරි පොහොසතා රකින්න නෙවෙයි පොඩි මිනිසා රකින්න – සජිත්

Date:

කොළඹ LNW:දුගී දුප්පත්කම තුරන් කිරීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බවත් අප රටේ බහුතරයක් ජනතාව මේ ආණ්ඩුවේ දුර්වල ප්‍රතිපත්ති නිසා අසරණ වී ඇති බවත් එහෙත් ජනතාව පැත්තකට දමා කෝටි ප්‍රකෝටිපතියන් රකින රජයක් ඇති බවත් ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

වත්මන් රජයට ගොවියාගේ වගා ණය කපා දමන්න බැරි වුණත් සමගි ජන බලවේග රජයක් තුළ එම වගා ණය කපා දමන බවයි විපක්ෂ නායකයා සඳහන් කළේ..

රජයේ බැංකුවලට පොලු තිබ්බ කෝටිපතියන්ගේ නාමලේඛනය ඉදිරිපත් කරන්න කියා ජනාධිපතිවරයාගෙන් සහ මුදල් ඇමතිවරුන්ගෙන් ඇසුවත් ඔවුන් පිළිතුරු දුන් නැති බව හෙතෙම කියාසිටියි.

මේ අයගේ ගජමිතුරු සම්බන්ධතා මත කෝටි ප්‍රකෝටි ගණන් ණය කපා හැරි ඇති අතර ඔවුන්ගේ ණය කපා හරින්න පුළුවන් නම් ගොවියාගේ වගා ණයත් කපා හැරිය යුතු බවයි ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

එහෙත් සමගි ජන බලවේගය සිටින්නේ සුපිරි පොහොසතා රකින්න නොව පොදුජනතාව ගොවි ජනතාව ධීවරයා, කම්කරුවා ඇතුළු පොඩි මිනිසා රැකීමට බව ඔහු අවධාරණය කළේය.

ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ අද (30) නිකවැරටිය ප්‍රදේශයේ පැවති 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය සංවිධානය කරන 27 වැනි ජන රැළිය අමතමිනි.

දුප්පත්කම තුරන් කිර්රිම සඳහා ජනසවිය, අස්වැසුම, ගැමිදිරිය හා සමෘද්ධි වැඩසටහන් හි හොඳ ගුණාංග ගෙන මාස 24ක දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් දියත් කරන බවත් එහිදී තවදුරටත් ඔහු සඳහන් කරන ලදී.

සදාකාලික දුප්පත්කමේ සිටින්න ජනතාව අකමැති හෙයින් දුප්පත්කමින් මිදෙන්න අවස්ථාවක් ලබා දීම සඳහා සෑම මසකම රු. 20000ක මුදලක් දුප්පත් ජනතාවට ලබා දෙන බවත් පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය සහ අපනයනය සඳහා මෙම මුදල් ලබා දෙන බවත් මේ දුප්පත් පවුලට ලැබෙන ප්‍රතිලාභියා වන්නේ කාන්තාව බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...