රාජ්‍ය සේවකයින්ට සෑම මාස හයකට වරක්ම වැටුප් වැඩිකරනවා – අනුර පොරොන්දු වෙයි !

සටහන – රුවන් නෙළුගොල්ල

තම රජයක් යටතේ ජීවන වියදමට සාපේක්ෂව සෑම මාස හයකට වරක්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“ඔබ අපි කවුරුත් දන්නවා ජීවත් වීමට සරිලන වැටුපක් දෙන්න ඕනෙ. ඒ නිසා අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දාලා තියෙනවා – එකපාර නිකම් 25000 කතා, 20000 කතා නම් බොරු. ඒවා කරනවා නම් රනිල්ට දැන් කරන්න පුළුවන්. එහෙනම් අර රාජ්‍ය සේවයේ විශාල වශයෙන් වැඩවර්ජන කරනකොට දෙන්න තිබ්බානෙ. එතකොට සල්ලි නෑ කිව්වානෙ. එහෙනම් දැන් රනිල් වික්‍රමසිංහ ජනවාරි මාසෙ 25000ක් දෙන්නෙ කොහොමද ? මේ බොරු. හැබැයි අපි එහෙම නෙවෙයි. තමන්ගෙ ජීවන වියදමට සරිලන, තමන්ට ජීවත් වීමට සරිලන වැටුප් සෑම අවුරුද්දකම මාස හයකට සැරයක් ගණනය කරලා ලබාදෙන්න අපි සැලසුමක් හදලා තියෙනවා. ඒක ස්ථාවර එකක්. ඡන්දයක් එනකොට වැඩිකිරීමක් නෙවෙයි. මේ රාජ්‍ය සේවකයා බලාගැනීම අපේ වගකීමක් බවට පත්වෙනවා”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පෙරවරුවේ කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවති සංවර්ධන නිළධාරි සේවා සංගමය හා රැකියාලාභී උපාධිධාරි සංගමය විසින් සංවිධානය කළ සංවර්ධන නිලධාරී හා ආශ්‍රිත සේවා නිලධාරී ජාතික සමුළුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...