සජිත් අනුර අද ජනතාවට පෙන්වන්නේ දේශපාලනය අරමුණු කර ගත් පොරොන්දු – ජනපති රනිල්

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 31 , කොළඹ (LNW):

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අපට ණය ලබාදුන් රටවල් 18ත්, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ ඇතිකරගෙන තිබෙන එකඟතාවන්ද ආරක්ෂා කර ගනිමින් ඉදිරි වසර දෙක තුළදි ජනතාවගේ බදු බර සැහැල්ලු කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව වන්නේ ජනතාවගේ ආදායම් මාර්ග වැඩිකර, රුපියල ශක්තිමත් කර සහන ලබාදීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ප්‍රතිපත්ති අනුගමනය නොකර හිතුමතේ බදු අඩු කළහොත් සිදු වන්නේ රටේ ආර්ථිකය නැවත කඩා වැටීම බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජාඇල නගරයේ දී ඊයේ (30) පස්වරුවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” ජන රැලිය අමතමිනි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටි අතර, එදා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බදු ඉවත් කළ විට ආර්ථිකය දියුණු වන බව පවසමින්, බදු අඩු කළ බවත් එහිදී රටේ ආර්ථිකය කඩා වැටුණු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.

සජිත් සහ අනුර අද ජනතාවට ලබා දෙමින් සිටින්නේ දේශපාලනය අරමුණු කර ගත් පොරොන්දු මිස රටේ සහ ජනතාවගේ අනාගතය පිළිබඳ සිතා ලබා දෙන පොරොන්දු නොවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඔවුන් සැබෑ ලෙසම ජනතාව ගැන සිතනවානම් 2022 ආර්ථික අභියෝගය හමුවේ රට භාර ගැනීමට තිබු බවද ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු අන්‍යාගමික නායකයන්, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප්, කෝකිලා ගුණවර්ධන, මිලාන් ජයතිලක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රී දිල්ෂාන් ජයවර්ධන යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය දේශපාලන නායකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...

පිටරටින් එන මානුෂීය ආධාරවලටත් සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ විදේශයන්හි සිට මෙරටට මානුෂීය...