*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

අපේ ළඟ හොඳ සහන පැකේජයක් තියෙනවා. රට හදලා ආර්ථික ප්‍රතිලාභ ලැබෙන තෙක් සහන දෙනවා – අනුර

සටහන – රුවන් නෙළුගොල්ල

තමන් සතුව දීර්ඝ කාලීනව ආර්ථිකය ගොඩනැඟීමේ සැලැස්මක් මෙන්ම ජනතාව මත හෙළා ඇති පීඩනය අවම කිරීමේ සැලැස්මක් ද පවතින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පළමුව මොකක්ද කරන්න ඕනෙ ? අපට දීර්ඝ කාලීන ආර්ථිකය ගොඩනැඟීමේ සැලැස්මක් තියෙනවා. හැබැයි දීර්ඝ කාලීන ආර්ථිකය ගොඩනැඟීමේ සැලැස්මක් වගේම ජනතාව මත හෙළලා තියෙන පීඩනය අවම කරන සැලැස්මකුත් අපට තියෙනවා. එක, අපි අවුරුද්දක් එකහමාරක් ඇතුළත මේ තියෙන ලයිට් බිල තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩුකරනවා. තෙල් මිල අඩුකරන්න පුළුවන්. ඊළඟට අපේ රටේ පුරවැසියන් විශාල ප්‍රමාණයක් තමන්ගෙ ප්‍රවාහන අවශ්‍යතාවය වෙනුවෙන් දරණ වියදම වැඩියි. කාර් එකක් ගන්න අය කාර් එක ගන්න, බයිසිකලයක් ගන්න අය බයිසිකලේ ගන්න. හැබැයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වැඩිම අවධානය යොමුකරලා පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කරනවා. අපි පළමු අයවැය ලේඛනයෙන්ම ආහාර සඳහා තියෙන වැට් බද්ද අයින් කරනවා. අපේ ආණ්ඩුව අධ්‍යාපන උපකරණ සඳහා තියෙන වැට් බද්ද මුළුමනින්ම අයින් කරනවා. සෞඛ්‍ය උපකරණ සඳහා බද්ද අපි ඉවත් කරනවා. පේයී ටැක්ස් එක, ඒ කියන්නෙ රුපියල් ලක්ෂයක් ආදායම ගන්නකොට දැන් බද්දට ඇතුළත් වෙනවා, අපි ඒක ලක්ෂ දෙක ගත්තොත් තමයි බද්දට ඇතුළු වෙන්නෙ කියලා වෙනස් කරනවා. ආරම්භයේ අපේ තියෙනවා ඉතාම ශක්තිමත් හොඳ සහන පැකේජ් එකක්. හැබැයි හැමදාම ආධාර දිදී, හැමදාම සහනාධාර දිදී රටකට යන්න බෑ. හැබැයි රට හදනකල් ඒවා නොදී යන්නත් බෑ. රට හදලා ආර්ථික ප්‍රතිලාභ ලැබෙන තෙක් ඒවා ලැබෙන්න ඕනා. ඒ නිසා අපි සැලැස්මක් හදලා තියෙනවා ක්‍රමානුකූලව අපේ රටේ ආර්ථිකය උඩට ගේන්න”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ කොට්ටාව ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැලියක් අමතමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan