සටහන – රුවන් නෙළුගොල්ල
2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වසර මුල සිටම සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ (IHP) මහමැතිවරණ ඡන්ද අභිප්‍රාය පිළිබඳ නවතම වාර්තාව නිකුත් වී තිබේ.
ඒ අනුව ජුලි මාසය වනවිට පැවති මත විමසුම අනුව සමගි ජන බලවේගය 34% ක ප්‍රතිශතයක් ලබාගනිමින් ඉදිරියෙන් සිටින අතර ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ 32%ක ප්‍රතිශතයක් ලබමින් දෙවැනි ස්ථානයෙහි පසුවෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 13%ක ප්‍රතිශතයක් ලබමින් තෙවැනි ස්ථානයෙහි පසුවන අතර එක්සත් ජාතික පක්ෂය 7%ක ප්‍රතිශතයක් ලබමින් සිව්වැනි ස්ථානයේ පසුවෙයි.
මෙහිදී ප්රමුඛ පක්ෂ දෙක සඳහා දෝෂ ආන්තිකය 2 – 3% වන බවයි සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය සිය වාර්තාවෙන් දක්වා ඇත්තේ.