2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුව සැප්තැම්බර් 4 – 6 බෙයිජිං අගනුවරදී!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුව සැප්තැම්බර් 4 – 6 යන දිනවල බෙයිජිං අගනුවරදී පැවැත්වීමට නියමිතයි.

‘එක්සත්ව නවීකරණය ප්‍රවර්ධනය කරමින්, පොදු ඉරණමක් සහිත උසස් මට්ටමේ චීන-අප්‍රිකානු ප්‍රජාව ගොඩනැගීම’ මෙවර සමුළුවේ තේමාව වනවා.

මේ සඳහා සහභාගී වීමට අප්‍රිකානු රටවල් රැසක නායකයන් බෙයිජිං නගරයට මේ වනවිටත් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. සැම්බියාව, දකුණු සුඩානය, එරිත්‍රියාව, නයිජිරියාව, ගිනියා යනාදී අප්‍රිකානු රටවල් රැසක ‍ ජනාධිපතිවරුන් ඒ අතර වන බවයි චීන මාධ්‍ය සමූහය වාර්තා කරන්නේ.

එමෙන්ම චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙම නායක සමුළුවට එක් වන විදෙස් නායකයන් හමු වීමට නියමිත බව ද වාර්තා වනවා. මෙය මෑත වසරවල දී චීනය රට තුළ සංවිධානය කළ විශාලතම හා වැඩිම විදෙස් නායකයින් පිරිසක් සහභාගී වන රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාකාරකම වීම ද විශේෂත්වයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: පන් පසිඳුවන්ගේ වීර කතාවන්ට පණ දුන් බ්ලයිටන් ගේ උපන් දිනය අදයි!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරයට නව මුහුණක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW: ප්‍රකට වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු හා...