කවුරු ජනාධිපති වුණත් පළමු මාසයේම විදුලි අර්බුදයක් ?

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය සඳහා භාවිතයට ගන්නා ගල් අඟුරු හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.

මේ වනවිට එම බලාගාරය සතුව පවතින්නේ මාසයකට ප්‍රමාණවත් ගල් අඟුරු තොග පමණක් බව ආරංචිමාර්ග පැවසීය.

එසේවෙතත් නැවතත් ගල් අඟුරු තොග රැගත් නෞකාවක් මෙරටට පැමිණීමට නියම වී ඇත්තේ ඔක්තෝබර් මාසයේ අගදී බව සඳහන්.

මෙරට දෛනික විදුලි අවශ්‍යතාවයෙන් තුනෙන් එකක්ම පමණ සපයන්නේ නොරොච්චෝලේ තාප බලාගාරයෙනි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා පවසා තිබුණේ පළමු ගල් අඟුරු තොගය බලාපොරොත්තු වූවාට වඩා කල් පැමිණීමට නියමිත බවත් ඒ අනුව විදුලි අර්බුදයක් ඇතිවීමේ ඉඩක් නොමැති බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම විභාගයට දින නියම වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න...

ජනක මහබෙල්ලනගේ ‘සංගායනා’: මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා...

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...