දැරියක් අපයෝජනය කළ පොලිස් නිලධාරියෙකුට වසර 45ක සිර දඬුවමක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පැමිණිල්ලක් කිරීම සඳහා සිය මව සමග පොලීසියට පැමිණි වයස අවුරුදු 16 ට අඩු බාලවයස්කාර දැරියක් සමග ප්‍රේම සබඳතාවක් ආරම්භ කරගෙන අවස්ථා කිහිපයකදී ඇයව අපයෝජනයට ලක් කළ පොලිස් සැරයන්වරයෙකුට වසර 45ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබේ.

අද (03) එම නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මෙම සිර දඬුවම නියම කළේ වසර 15කින් එකවැර ගෙවී යන ලෙසට ය.

විත්තිකාර පොලිස් සැරයන්වරයා විත්ති කූඩුවේ සිට හඬා වැටෙමින් තමන්ට අත්හිටවූ සිරදඬුවමක් නියම කරන ලෙස ඉල්ලා සිටි අතර මහාධිකරණ විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පෙන්වා දී තිබුණේ මෙම නිලධාරියා තමන්ගේ සේවය ලබාගැනීමට පැමිණි අයෙකුට කර ඇත්තේ බරපතළ වරදක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...