සජිත් ජනාධිපති කරන්න රටම පෙළගැහිලා ඉන්නේ!

Date:

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීම රටේ අනාගතයට ඉතා සතුට දනවන කාරණයක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (04) සමඟි ජන සන්ධානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

මේ රටේ සිංහල, දමිළ. මුස්ලිම්, බර්ගර් සියලුම ජනතාව ශ්‍රී ලාංකිකයන් ලෙස සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස පත්කරගැනීමට පෙළගැසී සිටින බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

”අනුර කුමාර දිසනායක මහත්තයා ජයග්‍රහණය කරලා ඉවරයි කියලා සමහරැන් කියනවනේ ගිය පාර ජනාධිපතිවරණයේද ගෝඨාභය රාජපක්ෂ මහත්තයට තරැණ කොටස් වලට ලොකු බලාපොරොත්තු දීලා කැළණි විහාරයේ නාගයෙකු පෙන්නලා ආගම මුල්කර ගෙන 69 ලක්ෂයක් ඡන්දේ ගත්තා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට රැල්ලක් නැති වෙලාවේ 55 ලක්ෂයක් ඡන්දය දුන්නා. අනුර කුමාර දිසානායක ඒ වෙලාවේ ගෝල් ෆේස් එක පිරෙව්වානේ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. විජේවීර මේ පක්ෂය ආරම්භ කළේ හැට ගණන්වල. අවුරැදු 50 ක් පරණ පක්ෂයක් අද තරැණයෝ හිතන් ඉන්නේ මේක අලුත් එකක් කියලා. මේ හැම ආණ්ඩුවක් හදන්න ජනතා විමුක්ති පෙරමුණ හවුල් වෙලා තියෙනවා. මේගොල්ලෝ නිර්දෝෂී අලුත් පක්ෂයක් හැටියට මාලිමාව ඉස්සරහට දාගෙන ආවට අවුරැදු 50 වට වැඩිය පැරණි පක්ෂයක්. මහින්ද රාජපක්ෂටත්, චන්ද්‍රිකා කුමාරතුංගටත්, මෛත්‍රිපාල සිරිසේනටත්, රනිල් වික්‍රමසිංහටත් ආණ්ඩු හදන්න මේ අය විශාල වශයෙන් උදව් කරලා තියෙනවා.” යනුවෙන් අලවතුවල මහතා ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල් රිමාන්ඩ් !!

අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ පැමිණිල්ලට ඇරැඹි විමර්ශනයේ සවිස්තරාත්මක පැතිකඩ!

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න...

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...