ජනතාව මුහුණ දෙන ප්‍රධාන අර්බුද තුනක් ඉදිරි දින කිහිපය තුළ විසඳනවා – පොහොට්ටු මන්ත්‍රී උඳුගොඩ

0
635

ජනතාව මේ වනවිට මුහුණ දෙන ප්‍රධාන අර්බුද තුනකට ඉදිරි දින කිහිපය තුළ විසඳුම් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතා පවසයි.

ඊයේ (06) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි ඒ මහතා සඳහන් කළේ.

“ඉදිරි දින කිහිපය තුළ තෙල් අර්බුදයටත් විදුලි අර්බුදයත් ගෑස් අර්බුදයත් යන ප්‍රධාන වශයෙන් ජනතාව මුහුණ දෙන මේ අර්බුද තුනට විසඳුම් ලබාදෙන්න කටයුතු කරනවා. තව පැය කිහිපයක් ඇතුළත නව කැබිනට් මණ්ඩලය පත්කරයි. ඒ කැබිනට් මණ්ඩලය පත්කරලා අපි නව වැඩසටහනක් තුළින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් දෙන්න කටයුතු කරනවා. විපක්ෂයේ කවුරුත් මේ වනවිට කැමැත්ත පළ කරලා නැති නිසා ආණ්ඩුව තුළින්ම නව කැබිනට් මණ්ඩලය පත්වෙයි”

ප්‍රදීප් උඳුගොඩ මහතා මේ බව පැවසුවේ ඊයේ පැවති කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here