ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්ත්වය ගැන නවසීලන්ත රජය අවධානයෙන්

ශ්‍රී ලංකාවේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව නවසීලන්ත රජය අවධානයෙන් පසුවන බව එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාව තුළ මතුව ඇති තත්ත්වය දේශපාලනික හා දේශීය වශයෙන් ඉතා කැළඹිලි සහගත බව ද ඈ අවධාරණය කරන්නීය.

මේ අතර, නවසීලන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් නවසීලන්ත රජයට පෙත්සම් ව්‍යාපාරයක් ද ඉදිරිපත් කරමින් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා රජයේ ක්‍රියාකලාපය හෙළා දකින ලෙසයි.  

ශ්‍රී ලංකාවේ මතුව ඇති ආර්ථික, දේශපාලනික හා ආරක්ෂක තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව සැල කළ නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය, සාමකාමී විසඳුමක් සඳහා දිගටම කටයුතු කරන ලෙස සියලු පාර්ශවයන් දිරිමත් කරන බව පවසා සිටියාය.

නවසීලන්තයේ විදේශ ප්‍රතිපත්තිය අනුව ඉදිරි පැය 24 තුළ විදේශ අමාත්‍යංශයෙන් මීට අදාළව අමතර විස්තරයක් ලබා ගැනීමට තමා බලාපොරොත්තුවෙන් සිටින බව ද ඒ මහත්මිය සඳහන් කළාය.

මේ අතර, නවසීලන්ත විදේශ අමාත්‍ය නානයියා මහුතා මහත්මිය ප්‍රකාශ කර සිටියේ, නවසීලන්තය ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම් සහ ඒ හා බැඳි ආයතනයන්, භාෂණයේ නිදහස සහ සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය ආදිය දැඩි ලෙස ආරක්ෂා කරන බවයි.

ලොව නන් දෙස වසන ශ්‍රී ලාංකිකයන් මේ වන විට රට තුළ මතුව ඇති තත්ත්වයට එරෙහිව විරෝධය පාන අයුරු දැකිය හැකි අතර, ඒ සෑම විරෝධයක් ම පාහේ කියාපාන්නේ මෙම අර්බුදයට වගකිව යුත්තේ ජනාධිපතිවරයා හා වත්මන් රජය බැවින් ඔවුන් වහා ඉල්ලා අස්විය යුතු බවයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...