රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07, කොළඹ (LNW):
අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතු බව ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා කියාසිටින්නේ, සිංහල ජනතාවගේ නම පාවිච්චි කරමින් උතුරට කළ තර්ජනය සම්පූර්ණයෙන්ම හෙළා දකින බවයි .
ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කරමින් යාපනය නල්ලූර්, සංගිලිඋයන් ප්‍රදේශයේ පැවති පුළුවන් ශ්‍රී ලංකා ජන රැළියකදීයි ඒ මහතා මේ බව කියාසිටියේය.
හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇතුළු පිරිසක් මෙම ජන හමුව සංවිධානකර තිබුණි.