*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ඉන්දියා – ශ්‍රී ලංකා පදනම අඩු වරප්‍රසාදලත් කාන්තාවන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතාවයන් සඳහා “සිනිඳු” ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කරයි

ඉන්දියා – ශ්‍රී ලංකා පදනමේ සහයෝගය ඇතිව සිනිඳු පදනම විසින් ශ්‍රී ලංකාවේ අඩු වරප්‍රසාදලත් කාන්තාවන්ගේ සනීපාරක්ෂක පහසුකම් ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක් හඳුන්වාදීමේ උත්සවයක් 2022 අප්‍රේල් 5 වන දින කොළඹ, ටාජ් සමුද්‍ර හෝටලයේ දී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයන්, ලෝක බැංකුවේ සහ කොළඹ සැලසුමේ නියෝජිතයන්, සිනිඳු පදනමේ සම සභාපතිනියන් වන රිෆා මුස්තාෆා මහත්මිය සහ ජසායා මොහිනුදීන් මහත්මිය, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ විවිධ ක්ෂේත්‍රවල නායිකාවන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

2.       සිනිඳු ව්‍යාපෘතිය කාන්තාවන් විසින් කාන්තාවන්ගේ සෞඛ්‍යය සහ සනීපාරාක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියකි. මෙම අවස්ථාව අමතමින් රිෆා මුස්තාෆා මහත්මිය ප්‍රකාශ කළේ ඉහළ වියදම නිසා ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 50%ක් පමණ සනීපාරක්ෂක තුවා භාවිතා නොකරන බවයි. “පෑඩ් මෑන්” ලෙස ප්‍රචලිත අරුණාචලම් මුරුගානන්දම් මහතාගෙන් ආභාසය ලද සිනිඳු පදනම ඉන්දියාවෙන් ගෙන්වන ලද අඩු පිරිවැයක් වැයවන යන්ත්‍ර සහ අමුද්‍රව්‍ය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අඩු වරප්‍රසාදලත් කාන්තාවන් වෙනුවෙන් භාවිතයෙන් පසු දිරාපත්වන සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කරයි. මෙම ආකෘතිය දිවයින පුරා ක්‍රියාවට නැංවීමට ද ඒ මඟින් කාන්තාවන්ට අඩු පිරිවැයක් සහිත සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට පමණක් නොව රැකියා ජනනය කිරීමට ද සිනිඳු ව්‍යාපෘතියට හැකි බව ඇය ප්‍රකාශ කළාය. මෙම වසර මුලදී ඉන්දියා – ශ්‍රී ලංකා පදනම මෙම මාහැඟි අරමුණ සඳහා ශ්‍රී ලංකා රුපියල් 500,000ක් ලබා දෙන ලදී.

3.        මෙම අවස්ථාවේ අදහස් දක්වමින් මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා රටක ප්‍රගතිය සහ සෞභාග්‍යය සඳහා කාන්තාව ඉතා වැදගත් කාර්යභාරයක් සිදු කරන බව ප්‍රකාශ කළේය. ඉන්දියාවේ මේ සම්බන්ධයෙන් වන වර්ධනයන් සහ සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව යන ක්ෂේත්‍රය තුළ “සිනිඳු” පදනම විසින් ක්‍රියාවට නංවන මෙම ව්‍යාපෘතිය අගය කරමින් මහ කොමසාරිස්තුමා විශේෂයෙන්ම දුෂ්කර පළාත් තුළ මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

4.        1998 වසරේ ආරම්භ කරන ලද ඉන්දියා – ශ්‍රී ලංකා පදනම ආරම්භයේ සිටම ආර්ථික, අධ්‍යාපනික, විද්‍යා සහ තාක්ෂණික සහ සංස්කෘතික සහයෝගීතාවය යන ක්ෂේත්‍රයන්හි දෙරට ජනතාව අතර සබඳතා ඉහළ නැංවීම සඳහා අඛණ්ඩව කටයුතු කර ඇත. ඉන්දියා – ශ්‍රී ලංකා පදනමේ මූලික අවධානය නිර්මාණාත්මක සහ නවෝත්පාදන වැඩසටහන් සඳහා සහයෝගය ලබාදීම සහ වර්ධනය සහ සෞභාග්‍යය වෙනුවෙන් දෙරටෙහි තරුණ ප්‍රජාව සහ සිවිල් සමාජයන් එක් කිරීම සඳහා යොමු වී ඇත. ඉන්දියා – ශ්‍රී ලංකා පදනම මේ දක්වා ශ්‍රී ලංකා රුපියල් මිලියන 150ක් වටිනා ව්‍යාපෘතීන් 300ක් සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දී ඇත. පර්යේෂණ, කලාව සහ සංස්කෘතිය, සමාජ කාර්යයන්, විද්‍යා යන ක්ෂේත්‍රයන්හි ව්‍යාපෘතීන් 20ක් පමණ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

***

කොළඹ

2022 අප්‍රේල් 06

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan