බංගලාදේශ කාන්තා ඒ කණ්ඩායමට කඩුලු 7 ක ජයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 11, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමත්,බංගලාදේශ කාන්තා ඒ කණ්ඩායමත් අතර පැවති පන්දු ඕවර් 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 7 ක ජයක් ලබන්නට බංගලාදේශය සමත් වුණා.ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා පළපුරුදු අත්දැකීම් සහිත ක්‍රීඩිකාවන් සංයුතියක් බංගලාදේශ ඒ කණ්ඩායම නියෝජනය කරන අතර එහි වාසිය ද බංගලාදේශ ජයග්‍රහණය පිටුපස සැඟව තිබුණා.


කාසියේ වාසිය ලැබූ සත්‍යා සංදීපනී පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු කබා නොඳුන්න ද,විස්සයි විස්ස තරගයක හැඩයට පන්දුවට පහර දීමට ද අසමත් වුණා.එබැවින් ශ්‍රී ලංකා ඉණිම පන්දු ඕවර් 20 අවසානයේ සටහන් වූයේ කඩුලු 5 ක් දැවී ලකුණු 113 ක් ලෙස යි.ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලැබූ ක්‍රීඩිකාව වූ නායිකා සත්‍යා සංදීපනී පන්දු 39 දී ලකුණු 36 ක් රැස් කරන්නට සමත් වුණා.මල්ෂා ෂෙශානි ශ්‍රී ලංකා ඉණිම අවසාන භාගයේ පන්දු 14 න් හයේ පහර දෙකක් ද සමඟ ලකුණු 25 ක් රැස් කළ ද එය අඩුම තරමින් පන්දු ඕවරයකට ලකුණු 6 ක වේගයක් හෝ ශ්‍රී ලංකා ඉණිමට එකතු කිරීමට ප්‍රමාණවත් වුණේ නැහැ.


බංගලාදේශය වෙනුවෙන් පන්දු යැවීමේ දී වැඩි දස්කම් දැක් වූ පළපුරුදු රබෙයා ඛාන් සහ ෆාහිමා කතූන් පිළිවෙලින් ලකුණු 18 ට සහ ලකුණු 10 ට කඩුලු 2 බැඟින් දවා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉණිමේ දී ඩිලාරා අක්තාර් ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 34 දී ලකුණු 47 ක් රැස් කරමින් බංගලාදේශ ජයග්‍රහණය පහසු කරන්නට සමත් වුණා.මුර්ෂිඩා කතුන් (30) සහ ඩිලාරා අතර දෙවන කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 74 සබඳතාවයක් එකතු වුණා.

ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතරින් කඩුලු ලබා නොගත්ත ද තාරුකා ෂෙහානි සිය පන්දු ඕවර් 4 ලකුණු 16 සීමා කරමින් බංගලාදේශ පිතිකාරිනියන්ට ලකුණු අතරට ඒමට බාධා කළත්,එම පීඩනයෙන් වාසිදායක තත්ත්වයක් ඇති කර ගන්නට සෙසු පන්දු යවන්නියන්ට හැකියාවක් ලැබුණේ නැහැ.එබැවින් 18 වන ඕවරයේ අවසන් පන්දුවේදි බංගලාදේශ කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය කඩුලු 3 ට 117 ක් බවට පත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...