මේ වෙලාවේ රටින් පිටවෙන අදහසක් මට කොහෙත්ම තිබුණේ නෑ – කබ්රාල්

Date:

මේ මොහොතේ ශ්‍රී ලංකාවෙන් බැහැර යන අදහසක් තමන්ට කොහෙත්ම නොතිබුණු බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි.

ඒ මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක් ඊයේ (07) දිනයේදී නිකුත් කෙරුණු අතර ඒ පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

“මේ වෙලාවේ පිටරට යන අදහසක් මට කොහෙත්ම තිබුණෙ නෑ. මාස කිහිපයකට කලින් ඉඳන් සැලසුම් කරපු පෞද්ගලික ගමනක් තිබුණා, නමුත් ඒක පවා විටින් විට කල්දාන්න සිද්ධ වුණා රාජකාරි වැඩත් එක්ක. අවුරුදු නිවාඩුවට ඒ ගමන යන්න සූදානමක් තිබුණත් පසුව මම ඒකත් අතහැරලා දැම්මා. මොකද මේ පවතින තත්වය යටතේ මම ගුවන් තොටුපලින් එළියට ගියා නම් මාධ්‍ය ඔක්කොගෙම දානවා මාත් රටින් පැනලා ගියා කියලා. නමුත් මම ආපහු ආවාම කවුරුත් නිව්ස් දාන්නෙ නැහැනෙ ආපහු ආවා කියලා. රටින් පැනලා යන්න මට හේතුවක් නෑ, මම එහෙම යන්නෙත් නෑ. මේ වෙලාවේ නිවාඩුවටවත් රට යන්නේ නෑ කතා අහගන්න බැරි හින්දා. ඔය මාධ්‍ය අවධානය ගන්න සමහර දේශපාලන චරිත එක එක කතා හදනවා”

යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

පසුගිය රජය සමයේ ආණ්ඩුකාර තනතුරු දැරූ කීර්ති තෙන්නකෝන් මහතා සහ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු පිරිසක් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළ නඩුවකට අදාළව අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට ලබන 18 වනදා දක්වා විදෙස් ගතවීම තහනම් කරමින් නියෝගයක් ඊයේ නිකුත් කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...