එපා කියූ මුදල් ඇමතිකමට අලි සබ්‍රි යළි හා කියයි. කැබිනට්ටුව දිවුරුම් දීමට සූදානම් ?

Date:

මුදල් අමාත්‍ය ධුරයට පත්ව දිනක් තුළ ඉල්ලා අස්වූ මොහොමඩ් අලි සබ්‍රි මහතා නැවතත් මුදල් අමාත්‍ය ධුරය භාරගැනීමට එකඟතාව පළ කර ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ, නව මහබැංකු අධිපතිවරයෙකු සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයෙකු ඊයේ (07) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කිරීමෙන් අනතුරුව ය.

ඒ අනුව අද (08) දිනයේත් යළිත් කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දීමට සැලසුම් කර ඇති අතර බොහෝදුරට එහිදී මුදල් අමාත්‍ය ධුරය අලි සබ්‍රි මහතාට හිමිවනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග සාකච්ඡා අප්‍රේල් 11 වනදා ආරම්භ කිරීමට නියමිතව ඇති අතර ඊට පෙර අද දිනයේදීම මුදල් අමාත්‍යවරයෙකු පත්කර ගැනීම අත්‍යාවශ්‍ය සාධකයක්ව පවතී. හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවට ගොස් එම පළමු සාකච්ඡා වටය සඳහා සහභාගී වීමට නියමිතව සිටියත් ඔහු තනතුරින් ඉල්ලා අස්වී ඇති පසුබිමක, නව මුදල් අමාත්‍යවරයෙකු ඇමරිකාව බලා යෑමට කාලය ද ප්‍රමාණවත් නොවන පසුබිමක ලබන 11 වනදා සාකච්ඡාව අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙනු ඇති බවත් වාර්තා විය.

සබැඳි පුවත් –

නව මහබැංකු අධිපතිවරයා සහ නව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පත්කෙරේ …

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අළු බඳුනට පෙර බොතම් සහ චැපල් අදහස් දක්වයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ලෝකයේ වැඩිම අවධානයක් දිනා...

ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක්!

කොළඹ LNW:ආයෝජන ආරක්ෂණ පනතක් හදුන්වා දීමට රජය තීරණය කර...

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ...

අපිට කැබ් එපා, අපේ කැබ් තුන අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : අපිට කැබ් එපා,...