සජබ e කොළම.

Date:

(වොෂින්ටන් මකරා)

🎀නවතම බුද්ධි අංශ වාර්තා හා සමීක්ෂණ අනුව සජිත් දෙවැනියාට වඩා 06% – 07% ක් එනම් ඡන්ද ලක්ෂ ගණනකින් ඉදිරියෙන් බව තහවුරු වෙලා ඉවරයි – සජබ කියයි.

🎀”රනිල් කැමති අනුරට, අනුර කැමති රනිල්ට”  ජනපතිවරණයේ යටින් යන තේමාව එය බව ජනතාව දැන් හොදට දන්නවා – සජබ කියයි.

🎀සැප්: 15 දා ආණ්ඩුවේ ඉහළම ප්‍රබලයෙක් හා සුළු ජාතික දැවැන්ත පලුවක් සජබට. පලුව ගැලවීම පිටුපස ඉන්දියාව….?

🎀රට දෙවරක් වනසා 1971 දී ජීවිත 20,000 ක් 88 – 89 දී තරුණයන් 60,000 ක්  හා ඩොලර් බිලියන 200 ක (ඩො බිලියන එකක් යනු රු කෝටි 31,000 කි)රටේ දේපොළ වැනසූ,  ඇමතිකම් 04 කරගන්න බැරුව දාල ගිය, දිනපු තිස්සමහාරාම පුාදේශීය සභාවත් වැඩබැරි නිසා ඊලග පාර පැරදුන, මිලට ගත්ත V fm රේඩියෝව කරගන්න බැරුව විකුණපු හොරු අල්ලන්න FCID දැම්මම ඒක බාරගෙන එක හොරෙක් අල්ලපු නැති ජවිපෙට රට බාර දෙන්න හිතන අයට ඔල්මාද – කිරිඇල්ල.

🎀බුදු දහමට පා පහර දීලා නිරාගමික රාජ්‍යක් හදන ස්ථාවරයේ ඉන්න බව පේන මාළිමාව අපේ ජාතික කොඩියත් වෙනස් කරනවාලු. තලේබාන්ල අතට ගිය ඇප්fඝනිස්ථානෙත්  කොඩිය කලා. ඒ රටේ ජනතාවට අද වතුරත් නෑ – අජිත් මාන්නප්පෙරුම.

🎀“සසුන සුරකිමු – දැය නගමු” සජබ මහ සග සමුළුව එනම් භික්ෂු උපදේශක සභාවට දහස් ගණනක් සගරුවන වඩී. මුළු කොළඔම කසාවතින් බැබලෙයි. සජිත් ගේ උපදෙස් මත ගයන්ත හා පූර්ණ සිල්වා ගේ වැඩක්.

🎀“දිවිදෙන රණවිරු ජාතික සමුළුව” තුළින් හිටපු ආරක්ෂක අංශ වල අති බහුතරයකගේ සහාය සජිත් ප්‍රමුඛ සජබට. දිනන පණිවිඩය රටපුරා පළාත් 09පුරා ගෙන්ගෙට ගෙනයාමත් එම රණවිරුවන් බාරගනී.

🎀ත්‍රිවිධ හමුදාව පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකායේ හා ආබාධිත රණවිරුවන්ගේ සියලු ගැටලු විසදීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්  පිහිටවා පිළියම් යොදනවා – සජිත්.

🎀දිවිදුන් රණවිරුවන්ගේ පවුල් හා දූපුතුන් ගැන අද බලන්නට කිසිවෙකු නැති බව මියගිය රණවිරුවෙකුගේ දුව ප්‍රකාශ කිරීමත් සමගම ඒ පවුල් වල ගැටලු වලට වෙනමම දෙපාර්තමේන්තුවක් හරහා පිළියම් යෙදීමට සජිත් ගෙන් ප්‍රතිඥා.

 🎀පෞද්ගලික කරණයට විරුද්ධව රටම වනසපු ජවිපෙ පෞද්ගලික කරණයට දැන් පක්ෂ බව අනුර ම කියනවා. පුදුම පහත් ප්‍රතිපත්තියක්නේ එයාල එහෙනම් මෙතෙක් අනුගමනය කරල තියෙන්නෙ – මහලේකම් රංජිත්.

🎀සජත් දිනන සටන මහනුවර දළදා වැඳලා පටන් ගත්ත නිසා සටනේ ජය නියතයි. වසර 10 කට හොල්ලන්න බැරි ලෙස අපි රටට වැඩ කරනවා – කිරිඇල්ල.

🎀සජබ අගමැතිකම මහනුවර කිරිඇල්ලට දැයි නුවර රැළියේදී ඉගියක්…!

🎀ඡන්ද ආසන්නයේ බැදුම්කර හොර රැළ තවත් රු බිලි 290 ක මගඩියකට සැරසෙනවා. අපි ඇහැ ගහගෙන ඉන්නේ හා සජිත් ගෙ ආණ්ඩුවකින් එවැනි මගඩි රැළකට සමාව නෑ – පාඨලී.

🎀රටේ හා ජනතාවගෙ කරුමෙට මාළිමාව දිනුවොත් අනුරල හැම ගමටම බිහිකරන කොට්ටාශ සභාවට ඇතුල් වෙන්නෙ ඒ ගමේ කසිප්පුකාරයො රස්තියාදුකාරයො හොරු හා මං පහරන්නොයි. උන් ගම හදනව නෙවෙයි ගම කන නිසා ගෙවල් කඩ හා වතුපිටි ගසාකන එකෙන් පරිස්සම් වෙන්න – දයාසිරි.

🎀නාමල් කරේ තියන් වැල් පාළමෙන් එගොඩ කරන්න ගිය ජනපති එයා බිමින් තියලා දැන් මාළිමා අනුර කරට අරන් බව රටම දන්නවා – දයාසිරි.

🎀ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන බැදුම්කර හිමියෝ ගිය සතියෙ ඇවිත් කාටත් කතාකලා. රටින් යනකොට අපට කිව්වා අත්දැකීම් නැති මාළිමා ආර්ථික පිරිස කියපුවා ගැන මවිත වෙනවා කියලා. එහෙම අදුරේ අතපත ගාන රටක් ගොඩදාන්න නෙවෙයි අඩුගානේ ණය ගැනවත් මූලික කරුණුවත් නොදන්න  පිරිසට ද රටක් දෙන්නෙ කියල ජනතාව දැන් තේරුම් ගන්න ඔින – ආචාර්ය හර්ෂ.

🎀ලෝකයේ ක්‍රමය විවධ රටවල් තවත් රටවල් එක්ක ගිවිසුම් ගහමින් වෙළෙදාම හා ආනයන අපනයන කිරීමයි. මාළිමාව වෙළෙද ගිවිසුම් වලට විරුද්ධයි නම්  ගිවිසුම් අකුලා එම රටවල් සමග ඒ වෙළෙද ගනුදෙනු කරන මැජික් ක්‍රමය අනුර රටට එළ කළ යුතුයි – සජබ කියයි.

🎀වතුකරයේ ලයින් කාමර ජීවිතය වෙනුවට උදාගම් ලබාදී ඔවුන්ගේ ජීවන මට්ටම උසස් කිරීම 21 න් පසු කඩිනමින් ආරම්භ කරන බව සජිත් සහතික වෙනවා – අශෝක් අබේසිංහ.

🎀ගෑස් සිලින්ඩරය හා මාළිමාව අද දේශලපාලන ජෝඩුවක් වෙලා. දෙවන මනාපය හුවමාරු කරගැනීම එම රහස් දීගයයි – අර්ල් ගුණසේකර.

🎀කාන්තා කටයුතු ඇමතිනි ගීතා කුමාරසිංහ සජිත් ට එක්වෙයි. සජත් ඒකාන්තයෙන්ම දිනන නිසා එම තීන්දුව ගත් බව පවසයි.

🎀පොඩි මිනිහගෙ නායකයා සජිත් පරද්දන්න හාමු ත්‍රස්ත නායකයෙක් එක්ක කුමන්ත්‍රණ කරනවා – සජබ කියයි.

🎀දැන් ජවිපෙ කියල එකක් නෑ. මාළිමාව කියල මේ ඇවිත් ඉන්නෙ තවත් එජාපයක් බව ජවිපෙට ආදරය කල ඉන් ඉවත්ව සිටින අයගෙ මතයයි.

🎀දූෂණ නිසා හමුදාවෙන් පන්නපු නඩු තියෙන මාළිමාවෙ ලේ පිපාසිත හමුදා නිළධාරියා 88 කාළේ රට වනසපු ලේ විල ආපහු ගේන්න වෙනත් පක්ෂව ල අයට ගහන්න මරන්න කතා කරනවා. දිනන්න කලින්ම ප්‍රචණ්ඩත්වය වපුරන මාළිමාවෙන් ජනතාව පරිස්සම් විය යුත්තේ එනිසයි – නලින් බණ්ඩාර.

🎀උ / නැ හා කදුකර දෙමළ ජනතාව බය කරලා තර්ජණ දාල මාළිමාව ඡන්ද  පික්පොකට් ගහන්න හැදුවත් ඒ සෙල්ලම් හරියන්නෙ නෑ –  සජබ කියයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...