අද දකුණු අප්‍රිකාව සමඟ දෙවන සටන

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 15, (LNW) කොළඹ :

අද දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමඟ පවත්වන දෙවන ටෙස්ට් තරගය ආරම්භ වීමට නියමිතයි.පළමු තරගයේ දී ලකුණු අතරට පිවිසෙමින් තරගයේ වීරයා වූ ඔෂධ ප්‍රනාන්දු මෙන්ම එම තරගය ජයග්‍රහණය කරවීම සඳහා පන්දුවෙන් විශිෂ්ඨ මෙහෙවරක් සිඳු කළ ඉෂීත විජේසුන්දර සහ ඒෂාන් මාලිංග අද තරගයේ දී ද තීරණාත්මක සාධක බවට පත් වෙතැයි සිතිය හැකියි.


පළමු ඉණිමේ ලකුණු 122 ක් සහ දෙවන ඉණිමේ ලකුණු 80 ක් රැස් කළ ඔෂධ මෙන්ස තරගයේ ඉණිම දෙකේ කඩුලු 9 ක් සහ කඩුලු 6 ක් පිළිවෙලින් දවා ගත් ඉෂිත සහ ඒෂාන් ද පිත්තෙන් සහ පන්දුවෙන් දක්වන දස්කම් දෙවන නිල නොවන ටෙස්ට් තරගයටත් අදාළ වෙනවා නිසැකයි.


ශ්‍රී ලංකාව එංගලන්තය ඉදිරියේ ටෙස්ට් තරගාවලි පරාජයක් ලබද්දී අවසන් ටෙස්ට් තරගයේ දී ලැබූ ජයත් සමඟ ජය ගැනීමට නොහැකි දුර්වල කණ්ඩායමක් යන මතය වෙනස් වුණා.ඒ සමඟම ඕනෑම මොහොතකට සූදානම් කර තිබෙන දෙවන පෙළක් නඩත්තු වෙමින් තිබෙන බව ඒ කණ්ඩායම් ජයෙන් කියවෙනවා.වඩා වැදගත් වන්නේ මේ මොහොත තුළ ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් සම්බන්ධයෙන් දේශපාලනිකව ඇති කරපු විරෝධය තරමට ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් වෙනත් කෝණයකින් දැකිය හැකි මට්ටමට සැකසෙමින් තිබීමයි.


ශ්‍රී ලංකා ඒ කණ්ඩායමක් විදෙස් සංචාරයකදී මෑත කලීනව දක්වනු ලබන ඉහළම දස්කම් දකුණු අප්‍රිකානු සංචාරයේ දී මේ දක්වා පැවති තරග හරහා දකින්නට ලැබුණා.එක්දින තරගාවලිය ජය ගැනීමට සමත් වූ අතර මේ වන විට පැවත් වූ සිව් දින තරගය ද ජයගෙන එම තරගාවලියේ ද පෙරමුණේ සිටිනවා.ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවේ දී කැපී පෙණෙන ලහිරු උදාර වැනි ක්‍රීඩකයින් මේ තරගාවලිය හරහා තමන්ගේ දක්ෂතා සනාත කරමින් සිටින අතර ඇතැම් ක්‍රීඩකයින්ට ඒ හැකියාව උදා වුණේ නැහැ.කෙසේ වුවත් මේ වන විට පසිඳු සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් පෙළ ගස්වා තිබෙන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ජාතික කණ්ඩායමට අවශ්‍යය වූ විට නිසැකවම ඒ දස්කම ලබා දිය හැකි පිරිසකගෙන් පොහොසත් බව ඔප්පු කර තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?