ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් පූර්ව නිරීක්ෂණ ක්‍රියාවලිය ආරම්භ කර‍යි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ (LNW):

මේ වන විට ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් 71 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඉන් 43 දෙනෙකු යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් බවයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයින් 22 දෙනෙකු ද මේ වන විට දිවයිනට පැමිණ සිටින අතර , ඇන්ෆ්‍රෙල් සංවිධානයෙන් පැමිණ ඇති නිරීක්ෂකයින් සංඛ්‍යාව, 6 ක් වේ.

ඊට අමතරව යුරෝපා සංගම් නිරීක්ෂකයින් 34 දෙනෙකු සහ ඇන්ෆ්‍රෙල් සංවිධානයේ 3 දෙනෙකු ඉදිරියේදී දිවයිනට පැමිණීමට නියමිතයි.

අසල්වැසි රටවල නියෝජිතයින් 7 දෙනෙකු ද මෙවර මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා පැමිණි බව සඳහන් වේ.

ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ, දිවයිනට පැමිණ සිටින නිරීක්ෂණ කණ්ඩායම්, මැතිවරණ දිස්ත්‍රික්ක 22 ම නියෝජනය වන පරිදි පූර්ව නිරීක්ෂණ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...