*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

රගර් ගින්දර මත පුළුන් ඇතිරීම

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 15, (LNW) කොළඹ :

නේපාලයේ ලබන ඔක්තෝබරයේ පැවැත්වීමට නියමිත 2025දී ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා වන ආසියානු සත් සාමාජික කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමක් සහභාගි කරවීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කිරීම නිථී බව සඳහන් කරමින් ඌව පළාත් රග්බි සංගමය මඟීන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර් ශෙමාල් ප්‍රනාන්දුට එන්තරවාසි යොමු කර ඇති බව වාර්තා වෙනවා.


මේ වන විටත් අධිකරණයේ විශේෂ මහා සභාව පැවත්වීම සමබන්ධයෙන් අධිකරණ තීන්දුව නිවැරදිව කියවා ගත්තේද යන ගැටළුව සමඟ සිටින ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පමණක් නොව,හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ට ද,නීතිය නොසළකා ලංකාවේ රගර් සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකරයේ වැරදි සහගත ස්ළුභාවය පෙන්නා දුන්න ද,එය නොසළකා හැරීමේ ආදීනව මේ ආකාරයට මතු වෙමින් තිබෙනවා.පිඳුරු පෙන්නූ විට එහි ගිණි ගන්නට ඇති ඉඩ නොසළකා සුරුට්ටු පත්තු කරන්නට යාමේ ආදීනව නිසා ක්‍රිඩා අමාත්‍යංශයේ නිලධාරීන්ට මේ වන විට දේශපාලකයන් ඇති කරන ලද ගින්නේ පිළිස්සීමේ අවධානමක් මතුව තිබෙනවා.


එන්තරවාසියෙන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර රග්බි තරගාවලියකට කණ්ඩායමක් සහභාගි කරවීමට ක්‍රීඩා අමාත්‍යංශයට බලයක් නැති බවයි, ඌව පළාත් රග්බි සංගමයේ ලේකම් ඩෙන්සිල් ඩාලින්, නීතිඥ සමාගමක් හරහා 2024 සැප්තැම්බර් 5 දාතමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ශෙමාල් ප්‍රනාන්දු මහතා වෙත ලියාපදිංචි තැපෑලෙන් එම එන්තරවාසිය යොමු කර ඇත.


ප්සුගිය මැයි මාසයේ 29 වන දා හිටලු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ලියාපදිංචිය අත් හිටුවා නිසි බලධරයා පත් කරනු ලැබුවේ නියමිත කාලයේදී වාර්ශික මහා සභාව කැඳවා නිලවරණය පැවත්වීමට අසමත් වූ බැවින්ය.එහි අරමුණ වූයේ කඩිනමින් නිලවරණය පවත්වා නිලධාරීන් පත් කිරීමට සහ එතෙක් එග්බි ආයනන පරිපාලනය පවත්වා ගෙන යාමය.මාස තුනකට වැඩි කාලයක් ගත වුව ද ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙතෙක් අවශ්‍යය පියවර ගෙන නැත.


ඒ වෙනුවට තමන්ට තාවකාලිකව පැවරූ බලය යොදා ගෙන සදාකාලිකව රගර්වලට බලපාන ව්‍යවස්ථාව වෙනස් කිරීමට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අර අඳින බවක් අපට අදහස් දැක් වූ රගර් කේෂ්ත්‍රයේ බොහෝ දෙනෙක්ගේ අදහස විය.ක්‍රීඩා සමාජ කිහිපයක් වෙත ලාංකේය රගර් හසුරුවන බලය ලබා දීමේ අරමුණෙන් එය ක්‍රියාත්මක කරන බව ද සඳහන් වන්නේය.ඒ උවමනාව මත අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මැදිහත්ව ක්‍රීඩා නීතිය ප්‍රකාරව කටයුතු නොකර, සදාචාර විරෝධි ලෙස රගර් තනතුරුවල ලංකාවෙන් පිටත් වගකීම් දරන්නටත්, ලංකාවේ වගකීම් දරන්නටත් ඉඩ දෙමින් ක්‍රියා කරන බව ඔවුහූ පවසති.එම වැරදි සම්බන්ධයෙන් ඇති බරපතල තත්ත්වය ක්‍රීඩා අමාත්‍යංශයේම ඔම්බුඩ්ස්මන්වරයා ද බරපතල ලෙස පෙන්වා දී තිබියදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ පිළිබඳව ක්‍රියා කරන්නේ නැත යන්න ද සෘජුව මේ එන්තරවාසියේ නැති වුව ද,ඔවුන් පවසන්නේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ තත්ත්වයන් ද නොසළකා මැර ඇති බවයි.


ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව සම්බන්ධව කටයුතු කිරීම මෙරට රග්බි ආයතනයේ කාර්යයක් බැවින් වාර්ෂික මහ සභා රැස්වීමක් පවත්වා කඩිනමින් රග්බි නිලවරණය සඳහා කටයුතු කරන ලෙසත්, මෙරට ජාතික රග්බි ක්‍රීඩාව තව දුරටත් තමා යටතේ පවත්වා ගනිමින්ජ‍ේ‍යන්තර තරගාවලියකයට ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි කරවීමෙන් වළකින ලෙසත් එම එන්තරවාසියේ දක්වා ඇති අතර එම ඉල්ලීම් ඉටු කිරීමට අසමත් වන්නේ නම් දැනුම් දීමතික් තොරව නීතීසය ක්‍රියාමාර්ග ගන්නා බව එන්තරවාසියේ වැඩි දුරටත් සඳහන් වේ
නේපාලයේ පැවත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා වන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා වන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි සහභාගි වීමට නියමිතන ඇත්තේ ආසියානු රග්බි සංගමයේ ඇරයුම පරිදිය.මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ රග්බි රග්බි ආයතනයේ පරිපාලනය තහනම් කරමින් ජාත්‍යන්තර තරග සහභාගීත්වය අත්හිටවූ ආසියානු රග්බි සංගමය මෙරට රග්බි ක්‍රීඩාව ක්‍රීඩා අමාත්‍යංශය යටතට පත්වීමෙන්පසු එවැනි තරාවලියකට ඇරයුම් කිරීම මරමා පැහැදිළි වන්නේ ආසියානු සංගමය ද මේ කාරණා පිටුපස සිටින බවය යන්න සාධාරණ සැකයක් ඇති කරන කාරණයකි.


යම් රටක ක්‍රීඩාවක් අත් හිටුවීමට ජාත්‍යන්තර මව් සංගමය පියවර ගනු ලබන්නේ ක්‍රීඩාවට දේශපාලන මැදිහත්වීම් සිඳු කිරීමේ දී පමණක් වන අතර ඡන්දයෙන් පත් වූ නිලධාරීන් වෙනුවට දේශපාලන අධිකාරිය යටතේ ක්‍රීඩාව පවත්වාගෙන යන අවස්ථාවක එවැනි ඇරයුමක් කිරීමෙන් පෙන්නුම් කරන්නේ ආසියානු රග්බි සංගමයේ දෙබිඩි පිළිවෙතය.එම ආසියානු සංගමයේ විධායක කමිටු සාමාජිකයෙකු වන හිටපු ශ්‍රී ලංකා රග්බි සභාපතිවරයෙකු වන අසංග සෙනවිරත්්න ද එහි කොටස්කරුවකු වන බවත් පාර්ශව රැසක් මේ සම්බන්ධයෙන් චෝදනා කරති.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan