ජනාධිපතිවරණ අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමිට මැර තර්ජනයක්. පහරදීමට තැත්කරලා !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනසෙත පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ එහිමියන්ගේ ආරක්ෂක නිලධාරියාට පරුෂ වචනයෙන් බැනවැදී පහරදීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

පෙරේදා (15) රාත්‍රියේ අනුරාධපුර නව බස් නැවතුම්පොලේදී සිදුව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් සීලරත්න හිමි ඊයේ (16) උදෑසන අනුරාධපුර මූලස්ථාන පොලීසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පණ්ඩුලගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙසේ අත් අඩංගුවට ගත් පුද්ගලයා මහජන රැස්වීම් සඳහා ශබ්දවාහිනී උපකරණ සවිකරන අයෙකු බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...