*
Friday, September 20, 2024
spot_img

Latest Posts

රනිල්,සජිත් ඔයාලා මේ රටට කරපු හරිය හොඳටම ඇති.දැන් පැත්තකට වෙන්න – AKD

කොළඹ LNW:”අපි කියන්නේ රනිල් සජිත් ඔයගොල්ලෝ මේ රටට කරපු හරිය හොඳටම ඇති. කරුණාකරලා පැත්තකට වෙන්න. අපි ලෑස්තියි මේ රට භාර අරගෙන මේ රට එකින් එක ගොඩනගන්න.” යනුවෙන් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

ඒ,ඊයේ (16) අකුරැස්සේදී පැවති ”දිනුම රටට රට අනුරට” මහජන රැළිය අමතමිනි.

”මේ දින තුන හතර ඇතුළත ගහන්න පුළුවන් අවලාද,කරන්න පුළුවන් කුමන්ත්‍රණ සියල්ල කරන්න පටන් අරන් තියෙන්නේ. සාමාන්‍යයෙන් අපේ රටේ පොදු ජනතාව ජාතිවාදය,ආගම්වාදය ප්‍රතික්ෂේප කළා පහුගිය කාලේ. සජිත් ප්‍රේමදාසට උදව් කරන සමහර හාමුදුරුවන් වහන්සේලා කියනවා අපි ආපුවම දානේ වේල නතර වෙනවා කියල. සජිත් ප්‍රේමදාසගේ වේදිකාවට නැගපු සමහර හාමුදුරුවන් වහන්සේලා දේශනා කරනවා අපි ආපුවම ජාතික කොඩිය නැතිකරනවා කියල. ඊට පසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වෙනි වගන්තිය අයින් කරනවලු. අන්ත ජාතිවාදී සංවිධාන තමන්ගේ වේදිකාවේ උඩ තියාගෙන තමයි මේවා කියන්නේ. දැන් සජිත්ගේ වේදිකාවේ ඒවා කියනකොට රිෂාඩ් බදියුදීනුත් ඉන්නවා. TNA නායකයොත් ඉන්නවා. මේගොල්ලන්ගේ මැතිවරණ ව්‍යාපාරය අද අවලාදවලට පමණක් සීමා වෙන තැනට අසරණ වෙලා තියෙනවා. ඒක අසරණභාවයේ ප්‍රකාශනයක්. කලබල වීමේ ප්‍රකාශ වීමක්. අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ කියනවා අපි ආපුවම රට අස්ථාවරභාවයක් ඇති වෙනවා කියල. ඩොලරය ඉහළ නගිලු.තෙල් නැතිවෙයිලු.ගෑස් නැති වෙයිලු. ලයිට් නැතිවෙයිලු මේවා නැති කළේ කවුද? මේවා නැති කළේ එගොල්ලොනේ. රනිල් වික්‍රමසිංහ තමයි 2015 ඉදන් 2019 දක්වාලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වලින් ණය අරන් තිබුණේ ඩොලර් බිලියන පහලවාමාරක්. ඒකෙන් දොළහමාරක්ම අරන් තියෙන්නේ රනිල් වික්‍රමසිංහගේ අවුරුදු හතරහාමාරේ. මහින්ද රාජපක්ෂ අරන් තියෙන්නේ ඩොලර් බිලියන තුනයි.ඇත්තටම ඒ ඩොලර් බිලියන තුන දැන් ගෙවලත් ඉවරයි. දැන් ගෙවාගන්න බැරි සියලු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර විකුණලා ගත්තු ණය රනිල් වික්‍රමසිංහ ගත්තුවා. දැන් රනිල් වික්‍රමසිංහ කියනවා අපි ආවම ආර්ථිකය වැටෙනවලු. අපි කියන්නේ රනිල් වික්‍රමසිංහට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව එන්නේ ඔයගොල්ලෝ වට්ටපු ආර්ථිකය ගොඩනගන්න. අපි කියන්නේ රනිල් සජිත් ඔයගොල්ලෝ මේ රටට කරපු හරිය හොඳටම ඇති. කරුණාකරලා පැත්තකට වෙන්න. අපි ලෑස්තියි මේ රට භාර අරගෙන මේ රට එකින් එක ගොඩනගන්න.” යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan