එකම රටට සම්මාන දෙකම ලැබුණ දෙවන අවස්ථාවට වෙල්ලාගේ සහ හර්ෂිතා සම්බන්ධ වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 17, (LNW) කොළඹ :

දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක ජේඩන් සීල්ස්ට ඉදිරියෙන් සිටිමින් අගෝස්තු මාසයේ අයිසීසී ක්‍රීඩකයා සම්මානය දිනා ගන්නට 21 හැවිරිදි දුනිත් වෙල්ලාලගේ සමත්ව ඇත.එසේම ඕර්ලා ප්‍රෙන්ඩර්ගාස්ට් සහ ගේබි ලුවිස් යන අයර්ලන්ත යුගලය අභිබවා ගිය හර්ෂිතා සමරවික්‍රම ද අගෝස්තු මාසයේ අයිසීසී ක්‍රීඩිකාව වෙන්නට සුදුසුකම් ලද්දාය.මේ ආකාරයට එකම රටක ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක් අයිසීසී මාසික ක්‍රීඩක සම්මානය දිනා ගෙන ඇත්තේ මීට පෙර එක් අවස්ථාවක් පමණි.එහිදී සම්මානනීය වී තිබෙන්නේ මෙම වසරේ ජුනි මාසයේදී ඉන්දියාවේ ජස්ප්‍රිත් බුම්රා සහ ස්මෘති මන්දනා ය.


වෙල්ලාලගේ මෙම සම්මානය දිනා ගත්තේ තරගාවලියේ වීරයා වෙමින් ඉන්දියාවට එරෙහිව තරඟාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට තම කණ්ඩායමට ලබා දුන් සහය පදනම් කරගෙනය. 21 හැවිරිදි වමත් පිතිකරුවා නොදැවී ලකුණු 67ක්, ලකුණු 39ක් සහ 2ක් ලබා සිටි අතර තෙවැනි තරගයේදී ලකුණු 27කට කඩුලු 5ක් දවා ගැනීම ඇතුළුව තරගාවලියේ කඩුලු 7ක් ද දවා ගත්තේය.
හර්ෂිතා සමරවික්‍රම 26 හැවිරිදිය. වමතින් පිත්ත හසුරුවන ඇය අයර්ලන්ත සංචාරයේ දී විස්සයි20 තරග දෙකේදී ලකුණු 151ක් රැස් කළේ 169.66 ප්‍රහාරක වේගයකින් වන අතර එයට පළමු තරගයේදී පන්දු 45කදී නොදැවී ලකුණු 86ක් ඇතුළත් විය. ඇය බෙල්ෆාස්ට් හි පැවති එක්දින තරග තුනකදී ලකුණු 172ක් රැස් කළේ 82.69 ප්‍රහාර වේගයකින් දෙවැනි තරගයේදී ලබාගත් ලකුණු 105ක් ද ඇතුළත්වය.


ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය සහ වැඩ සැළසුම් සම්බන්ධයෙන් ඇති විවිධ මති මතාන්තර හමුවේ වෙල්ලාලගේ සහ හර්ෂිතා දී ඇති මේ පිළිතුර දෙස අවධානයෙන් බැලිය යුතුය.එසේම වෙල්ලාලගේට පෙර ඇන්ජලෝ මැතිව්ස්,ප්‍රභාත් ජයසූරිය,වනිඳු හසරංග සහ කමිඳු මෙණ්ඩිස් ද වෙල්ලාලගේ මෙන් මාසික ඇගයීම්වලදී ගෞරවයට පත් වී ඇත.හර්ෂිතාට පෙර තෙවරක්ම චමරි අතපත්තු මේ ගෞරවය දිනා ගෙන ඇත.ඒ අතින් බලන විට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ දිශානතිය මේ වන විට චමරිට සීමා නොවුණු මානයක ගෞරවයට පාත්‍ර වෙමින් තිබෙන බව ද පැහැදිළිය.අතට ගල් පමණක් අසුවන අයට සුවඳ මල් කළඹක් ද ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් දෙස හැරෙන්නට අපූරු මොහොතක් වෙල්ලාලගේ සහ හර්ෂිතා නිර්මාණය කර ඇත.ඒ මල් කළඹ පිළිගන්වා නැවත ගල් අතට ගත හැකිය.ඒ ගැන අපට අවුලක් නැත.ගල් පමණක්ම ගන්නා විට තමන්ගේ අතේ ගෑවෙන මඩවත් පිසදා ගන්න වෙලාවක්,විවේකයක් තිබීම වැදගත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...