වෙනසක් වෙනුවෙන් සිහින දකින මිනිසුන්ගේ සිහිනයට ජය !

Date:

මේ වෙද්දී ලංකාවේ ගොඩක් මිනිස්සු ”වෙනසක් කරමු” (change) කියන ස්ලෝගන් එක එක්ක අනන්‍යවෙමින් යනවා කියන එක ඉතාම හොඳින් පේන්න තියනවා. ඒක සෑහෙන බහුතරයක් වේවි මේ චන්දෙන් එන ප්‍රථිපලේ එක්ක.

වෙනසක් කියන එක මම මුලින්ම දැක්කේ බරක් ඔබාමාගේ අතිශයින් සාර්ථක පළමු මැතිවරණ කැම්පේන් එක ඇතුලේ (2008).

ඇත්තටම වියුක්ත විදියක මේ ”වෙනස” යන්න හරියටම නිර්වචනය වෙලා නැති උණත් ඒකට මිනිස්සු නොයෙක් අර්ථ ඇතුල්කරමින් පවතිනවා.

දරාගන්න බැරි ජීවනබර අඩුවෙයි කියන එක එයාල බලාපොරොත්තුවෙන එක වෙනසක්. මේ ක්‍රමය වෙනස් කරන්න ඕනි එක තව අදහසක්. ප්‍රභූ පාලනය අවසන් කරන්න ඕනි කියන එක තව එකක්. ඒක එක්කම යන තව අදහසක් තමයි මුං හිටිය ඇති කියන එක. රටට විනයක් ඕනි කියන එක අනුරත් සිරිස සටනේ කිව්වා. හොරු එලවන එකත් මේක ඇතුලේ තියනවා. යහපාලන පරමාදර්ශත් මේ එක්ක නොයනවා නෙවෙයි.

මේ විදියට වෙනසක් කරමු කියන එක වෙනස් වෙනස් අර්ථ සහිතව මිනිස්සු එක එක විදියට පාවිච්චි කරනවා.

ඒ හැම තැනකම තියෙන්නේ සහ බලාපොරොත්තු වෙන්නේ දේශපාලන යමක් (political content). යහපාලනය පවා සාර්ථක සටන්පාඨයක් උනේ ඒක ඇතුලේ තිබ්බ දේශපාලන අන්තර්ගතය එක්ක. අරගලය ඇතුලේ තිබ්බෙත් දේශපාලන ඉල්ලීම් ප්‍රමාණයක්.

අපේ ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් ගතවුනෙත් මේ දේශපාලන අන්තර්ගතය වෙනුවෙන්. විධායක ක්‍රමයේ වෙනසක්, අලුත් ව්‍යවස්ථාවක්, බලය බෙදීමක්, යහපත් රාජ්‍ය පාලනයක් වගේ දේවල් අපේ දේශපාලන සිහිනයේ කොටස් උනා. ඒවා ගෑස්, තෙල්, බෙහෙත් වලටම සීමා උණේ නැහැ (ඒවා අතිශයින් අවශ්‍යයි කියල පිළිගනිමින් ම).

මහින්ද ලංකාව කොන්ක්‍රීට් වලින් පුරවද්දී, හැම පාරක්ම කාපට් කරද්දීත් අපි යහපාලනය වෙනුවෙන් පෙනීහිටිය.

ඒ නිසා ඉහත ප්‍රවර්ගයේ දේශපාලන වෙනසක් වෙනුවෙන් වන සිහිනය එක්ක අනන්‍යනොවී ඉන්න එහෙම සිහිනයක් තිබ්බ කෙනෙකුට බැහැ.

ඒ නිසා වෙනසක් වෙනුවෙන් සිහින දකින මිනිසුන්ගේ සිහිනයට ජය !

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...