මොන ආණ්ඩුව ආවත් සිස්ටම් එකකට රට දුවන ක්‍රමවේදය අපි ස්ථාපිත කරලා දෙන්නම් – නාමල් රාජපක්ෂ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මේ පැමිණ ඇත්තේ දේශපාලන වේදිකාවේ හොඳම විකටයා, හොඳම කථිකයා හෝ හොඳම කයිවාරුකාරයා තේරීමේ මැතිවරණයක් නොවන බවත් කවුරුන් බලයට පැමිණියත් වෙනස් නොවන ආකාරයේ නිසි ක්‍රමවේදයක් රටේ පිහිටුවීමට තමන් සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“යම්කිසි කෙනෙක් කියනවා නම් අපි හොරාකෑවා කියලා, අපි අභියෝග කරනවා, ලෝකෙ ඕනෑම අධිකරණයකට යන්න, අපි අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න සූදානම් කියන එකත් අපි ඒ අයට කියනවා. පහුගිය කාලේ අපෙන් ඇහුවා මේ මැතිවරණවලට මුහුණ දෙන්න අපි බයයිද කියලා මේ අරගලෙන් පස්සෙ. නෑ, මොකද අපේ අතේ ලේ නැහැ. ජනතාව ඉදිරියට ඇවිල්ලා අපට ඡන්දයක් දෙන්න කියලා ඉල්ලන්න අපට ආත්ම ශක්තියක් තියෙනවා. අපි සිස්ටම් එක හදලා දෙන්නම් මොන ආණ්ඩුව ආවත් කවුරු පාලනය කළත් සිස්ටම් එකකට රට දුවන ක්‍රමවේදය අපි ස්ථාපනය කරලා දෙනවා කියලා අපි පොරොන්දු වෙනවා. දේශපාලන වේදිකාවේ හොඳම කථිකයා, හොඳම විකටයා, හොඳම කයිවාරුකාරයා කවුද කියලා තෝරන මැතිවරණයක් නෙවෙයි මේක. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරන්න බැරි වැඩ දීලා නෑ අපි. අපි කියන්නේ කරන්න පුළුවන් දේවල්”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) රත්නපුර ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

Update : පෑලියගොඩ වෙඩිතැබීම – තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19)...