ආසියානු ක්‍රිකට් කාන්තාවගේ අනාගතය සවිමත් කිරීමේ තීරණයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 18, (LNW) කොළඹ :

ආසියාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව අනාගත කාන්තා ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට අභියෝගයක් බවට පත් කිරීමේ මූලික අදහස ඇතුව වඩා තරගකාරී ක්‍රීඩා රටාවකට ආසියානු කාන්තා ක්‍රිකට් අනාගතය සකස් කිරීමේ පියවරක් ලෙස අවුරුදු 19 න් පහළ කාන්තා ආසියානු කුසලාන තරගාවලියක් සංවිධානය කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.ඒ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ විධායක සභාව මැලේසියාවේදී රැස් වූ අවස්ථාවේදී යි.


මෙම තරගාවලියේ වැදගත්කම ගැන ආසියානු ක්‍රිකට් කවුන්සල සභාපති ජේ.ෂා අදහස් දක්වමින් “අද ආසියාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරයි. යොවුන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට සහ ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අත්‍යවශ්‍ය වේදිකාවක් සපයමින් කාන්තා U19 ආසියානු කුසලානය හඳුන්වාදීම දැවැන්ත ජයග්‍රහණයකි. මෙම මුල පිරීම ආසියාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ශක්තිමත් කරන අතර, මෙම තීරණ අපගේ සාමාජික රටවල් තුළ පමණක් නොව ගෝලීය ක්‍රිකට් ප්‍රජාව පුරා ඇති කරන කල්පවත්නා බලපෑම පිළිබඳව අපි ආඩම්බර වෙමු.“ පවසා සිටියා.


මේ වන විටත් මැද පෙරදිග රටවල් ද සමඟ ආසියාවේ බලවත් රාජ්‍ය්‍ය හැටියට ජපානය,චීනය වැනි රටවල් ද කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස සිටින බැවින් ඉදිරියේ දී තාක්ෂණික වශයෙන් ක්‍රීඩාවේ විශාල පිම්මක් අපේක්ෂා කළ හැකි තත්ත්වය් දැකිය හැකි වටපිටාවක මෙවැනි යෝජනාවක් පැමිණිම අතිශයින් වැදගත් වෙනවා.ක්‍රීඩාව ලෝකයට භූමියක ප්‍රබලත්වය කියා පාන භාෂාවක් බව පැහැදිළිව දැක ගන්නට තිබියදී ක්‍රිකට් එහි නිශ්චය කරන සාධකයක් බවට පත්වෙමින් ලෝකයේ ප්‍රබල රටවල්වල න්‍යාය පත්‍රයට ක්‍රිකට් පිවිසෙමින් තිබෙනවා.ඊට හොඳම උදහරණය මෙවර අයිසීසී විස්සයි විස්ස ලෝක කුසලාන සත්කාරකත්වයට ඇමෙරිකාව සම්බන්ධ විම ගත හැකියි.


සම්ප්‍රදායික ටෙස්ට් අභිමානය පැවතේද්දීම විස්සයි විස්ස ආකෘතියේ ඇති සරල සහ ආකර්ශණීය බවත්,කෙටි කාලයක් තුළ තීරණයකට එළෑඹීඹට ඇති හැකියාවත් යන කාරණා නිසා ක්‍රිකට් සම්බන්ධයෙන් ලෝක අවධානය පුළුල් වෙමින් පවතින වපසරියක,ඉදිරියේ දී වඩාත් අභියෝගකාරී ක්‍රීඩාවක් බවට ක්‍රිකට් පත්වීමට නියමිතයි.එවැනි ව්‍යහුයක ක්‍රියාත්මක වෙමින් පවතින ලෝක ක්‍රිකට් සංස්කෘතියේ ආසියානු කාන්තා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් දෙවසරකට වරක් අවුරුදු 19 න් පහළ තරගාවලියක් පැවත්වීමට නිශ්චිත ලෙසම තීරණය වීම ආසියාවේ කාන්තා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් ගත් වැදගත් තීරණයක් ලෙස හැදින්විය හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...