සටහන – පුන්සරා ලියනගේ
සැප්තැම්බර් 18 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ: යුරෝපීය කොමිසමේ (EC) සභාපති Ursula von der Leyen විසින් Olivér Várhelyi ඉදිරි වසර 5 සඳහා සෞඛ්‍ය සහ සත්ව සුබසාධන කොමසාරිස් ලෙස පත් කර තිබේ.
ඔහු අමාත්‍යධුරය භාර ගන්නේද යන්න තීරණය වන්නේ යුරෝපා පාර්ලිමේන්තුව මත වන අතර එහිදී, සමස්ත කොමිෂන් සභාව පිළිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසීමකට පෙර කමිටු පුළුල් සාක්ෂි විමසීම් පැවැත්වීමට නියමිතය.
2019 දී හංගේරියාවේ සිට යුරෝපීය කොමසාරිස්වරයෙකු ලෙස Várhelyi තෝරා ගනු ලැබුවේ මෙම යාන්ත්‍රණය මගින් හංගේරියාවේ අගමැතිගේ පළමු තේරීම ප්‍රතික්ෂේප කරන විටය.
සෞඛ්‍ය සහ සත්ව සුභසාධනයට අමතරව, නව සෞඛ්‍ය කොමසාරිස්වරයා ආහාර නාස්තිය වැළැක්වීම සහ අවම කිරීම මෙන්ම ආහාර හරහා ආහාර නිෂ්පාදනයේ “තිරසාරභාවය, ආරක්ෂාව සහ දැරිය හැකි මිල වැඩි කිරීම” භාරව කටයුතු කරනු ඇත.