බංගලාදේශයට එරෙහිව පළමු ජය වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙති

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 18, (LNW) කොළඹ :

බංගලාදේශ කාන්තා ඒ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී බංගලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව ලැබූ පළමු ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා කාන්කා ඒ කණ්ඩායම සමත් වෙන්නේ නායිකා සත්‍යා සංදිපනී ගේ ඉණිම මෙන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ පාලනයත් නිසාය.සැප්තැම්බර් 16 වන දා කොළඹ තර්ස්ටන් පිටියේ පැවති මෙම තරගයේ දී බංගලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 19 ක ජයක් හිමි වෙනවා.


බංගලාදේශ කණ්ඩායමට කාසියේ වාසිය හිමිවීමෙන් අනතුරුව පන්දුවට පහරදීමට ආරාධනා ලබන ශ්‍රී ලංකා පිතිකාරිණියන් පළමු වරට හොඳ ලකුණු පූවරුවක් මේ තරගයේදී නිර්මාණය කර ගන්නවා.ඒ අතරින් කැපී පෙණෙනම ඉණිම දියත් කරන නායිකා සත්‍යා සංදීපනී පන්දු 33 දී ලකුණු 46 ක් ලබා නොදැවී සිටින්නට සමත් වෙනවා.සත්‍යා ඒ අතර පස්වන කඩුල්ල සඳහා පියුමි වත්සලා (29) සමඟ පස්වන කඩුල්ලට ලකුණු 47 ක් ද,හයවන කඩුල්ල වෙනුවෙන් මල්ෂා ශෙහානි (නොදැවී 21) සමඟ නොබිඳි ලකණු 37 ක සබඳතාවයක් පවත්වන්න ද දායක වෙනවා.


ෆාතිමා කතූන් ලකුණු 13 ට කඩුලු 2 ක් ද,මරුෆා අක්ටාර් ලකුණු 21 ට කඩුලු 2 ක් ද ලබා ගනිමින් බංගලාදේශය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දක්වන්නට සමත් වෙනවා.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට වඩා ජාත්‍යන්තර වශයෙන් ජාතික කණ්ඩායම නියෝජනය කරමින් අත්දැකීම් ලබා ගත් වැඩි පිරිසක් සිටින ශක්තිමත් බංගලාදේශය මෙල්ල කර ගැනීමේ මෙහෙයුමේ දී චේතනා විමුක්ති,නිමේෂා මධුශානි,තාරුකා ෂෙහානි සහ දෙව්මි විහංගා විසින් කඩුලු 2 බැඟීන් දවා ගනිමින් බංගලාදේශ පිතිකාරිණියන්ගේ ගමන අඩාල කරනු ලැබුවා.එම පන්දු යැවීමේ අභියෝගය ඉදිරියේ බංගලාදේශ පිතිකාරිණියන් අතරේ ඉලක්කම් දෙකක ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නට සමත් වුණේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු පමණයි.ශොර්නා අක්තාර් ලකුණු 28 ක් ලබා ගන්නට සමත් වූ අතර ටාජ් නෙහාර් ලකුණු 15 ක් ලබා ගත්තා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...