සති දෙකකට පස්සෙ බලන කොට ලංකාවෙ බේස්බෝල් පියවර පහක් ඉහළට

0
466

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 19, (LNW) කොළඹ :

ලෝක බේස්බෝල් සහ සොෆ්ට් බෝල් සම්මේලනය විසින් නිකුතු කර ඇති නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව ලොව 49 වන තැන අත් කරගෙන සිටිනවා.මේ තිබූ තත්ත්වය හා සසඳන විට ස්ථාන පහක වර්ධනයක් පෙන්වන අවස්ථාවක් වෙනවා.එය හොද පිබිදිමක් වන අතර ආසියාවේ 10 වන තැන පසු වෙන්නට හැකියාව මේ ශ්‍රේණිගත කිරීම්වට අනුව හිමි වී තිබෙනවා.


ආසියාවේ අංක එකට සිටින ජපානය ලෝකයේ ද අංක එකට සිටින අතර චීනය පියවර ගණනාවක් ඉදිරියට එමින් ආසියාවේ හතරවන තැනට පත් වීම ඉදිරියේ ආසියානු බේස්බෝල් පිටියේ තරගකාරීත්වය ගැන හොඳ ඉඟියක්.ලොව හොඳම බේස්බෝල් කණ්ඩායමක්ව සිටි දකුණු කොරියාව ආසියාවේ ද තෙවන තැන දක්වා පහළ බැස ඇති අතර කොරියාව අභිබවා පෙරට පැමිණ තිබෙන චීන තායිපේ කණ්ඩායම මේ වන විට ආසියාවේ දෙවන තැන පමණක් නොව ලෝකයේ තෙවන තැනටද පත් වී තිබෙනවා.
දකුණු ආසියාවේ පළමු තැන සුපුරුදු ලෙස පකිස්තානයට හිමිව තිබෙන අතර ඔවුන් ලොන 36 වන තැනට ශ්‍රේණිගතව සිටිනවා.


කෙසේ වුවත් ස්ථාන 5 න් ඉහළට ඒම වැදගත් කොට සිතිය හැකි නමුත් මීට වසරකට පෙර 2023 වසරේ ඔක්තෝම්බර් මාසයේ ශ්‍රී ලංකාව සිටියේ ලෝක ශ්‍රේණිගත කිරිම්වල 47 වන තැන බව අවබෝධ කර ගෙන හොඳම තැනකට ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාව පත් කිරීම සඳහා ශ්‍රී ලංකා බේස්බෝල් නිලධාරීන්ගේ අවධානය යොමු වීම වැදගත් වෙනවා.ශ්‍රී ලංකාව 49 වන තැන සිටින්නේ මේ වසරේ සැප්තැම්බර් 18 කරන ලද ශ්‍රේණිගත කිරීම්වලට අනුව වන අතර ඔවුන් සැප්තැම්බර් 3 කරන ලද ශ්‍රේණිගත කිරීම්වලට අනුව සිටියේ 54 වන තැනයි.